IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.  ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයිරස පවුලටය. ‘මර්බර්ග්’ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් වන අතර, එහි මරණ අනුපාතය සියයට 88 ක් යැයි පැවැසෙයි.

‘මර්බර්ග්’ වයිරස වසංගතයක් ගැන රුවන්ඩා සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් කර තිබේ. මේ වනවිට වයිරසය ආසාදනය වී අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ද පැවැසෙයි. නැගෙනහිර අප්‍රිකාවට අයත් රුවන්ඩාවේ ‘මර්බර්ග්’ වයිරසයේ ව්‍යාප්තියක් සිදුවන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

රුවන්ඩා සෞඛ්‍ය අමාත්‍ය සබීන් සන්සිමානා පවසා ඇති අන්දමට රුවන්ඩාවෙන් වාර්තා වන ‘මර්බර්ග්’ ආසාදිතයන් ගණන 20 කි. ඔවුන් සියලු දෙනා රෝහල්වල නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ලබා දීම සිදුවෙයි.

තද උණ, හිසරදය, මස් පිඩු වේදනාව, වමනය සහ පාචනය  ‘මර්බර්ග්’ වයිරස ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ වෙයි. මෙම රෝග ලක්ෂණ ගැන අවධානයෙන් පසුවන ලෙසත්, රෝග ලක්ෂණ ඇති අයකු සමීපව ඇසුරු කිරීමෙන් වළකින ලෙසත්, එවැනි රෝගීන් කඩිනමින් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු බවත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.

දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය උපදෙස් මාලාවක් ද ඉදිරිපත් කරමිනි. ඒ අනුව, මංගල උත්සව, අවමංගල අවස්ථා ආදියට සහභාගී වන පිරිස් සීමා කර ඇත. ‘මර්බර්ග්’ වයිරස, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝවී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වයිරසයකි. 

‘මාර්බර්ග්’ වයිරසය මුලින්ම සොයා ගත්තේ 1967 වසරේදීය. ජර්මනියේ මාර්බර්ග් නගර වැසියන් අතරේ එය පැතිරෙද්දීය. ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් සහ සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවරින් ද ආසාදිතයන් වාර්තා වූ බව පැවැසෙයි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site