
(අංජුල මහික වීරරත්න)
හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
වත්මන් හෙද සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නොවිසිදුණු ගැටලු කිහිපයකට කඩිනම් විසදුම් ලබාගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහි දී ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අදාළ ව ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම හා කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, ප්‍රධාන රෝහල්වල පරිනත හෙද නිලධාරීන්ගේ අඩුව සපුරාලීම, හෙද සොයුරියන්ගේ සහ විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින්ගේ නිල නාම හා වැටුප්තල ලබාදීම ඇතුළු යෝජනා ගැන සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමය සුව ඇමති හමුවෙයි
ravin Saturday, 14 June 2025 06:35 PM
සර්වගේ වී8 එකක් දැන්නම් දෙන එකක් නෑ.
ජිල්බුSaturday, 14 June 2025 09:08 PM
ධර්මයේ හැසිරෙන්නේ ත්‍රිපිටකයේ මොන සූත්‍රය අනුවද?