
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යුද හමුදා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 25 ක් 4 වන ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පසුගියදා කඳවුරුවලට බාරදුන්නේය.
යුද හමුදාවට නව රථවාහන මිලදීගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මෙම වාහන අලුත්වැඩියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
බස් රථ 10 ක්, ට්‍රක් රථ 5 ක්, යුනිකෝන් රථ 3 ක්, යතුරුපැදි 5 ක්, ට්‍රැක්ටර්යක් සහ කැබ්රථයක් මෙහිදී අලුත්වැඩියාවෙන් පසුව කඳවුරුවලට භාරදුන්නේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ආරියරත්න මැතිඳුන්ටත් එතුමා ගැන අපව දැනුවත් කළ මැතිඳුන්ටත් චිරාත් කාලයක් ලක්මවට සේවයක් කිරීමට නිරෝගී සම්පත්තියත්, දීර්ඝායුෂත් ලැබේවා...!!!
ආයේ කතා දෙකක් නැහැ... ඉන්දියන් ටාටා බස් රථ 250ක් අලුතෙන් ගන්න යන වියදම කරලා ඇති මේ අලුත්වැඩියාවට..? අනික කවුද මේවට බස් රථ කියන්නේ, ලොරි චැසිවලට බස් එකක් වගේ ටකරන් ගහලා, තීන්ත ගාලා බැංකු තියලා වාඩිවෙන්න... ඒ කාලේ ලංකාවේ බෙන්ස් බස්වල, ඩබල් ඩෙකර්වල ගමන් ගිය අපට මේවට බස් රථ කියද්දී අර කොහෙන්ද මන්දා හිනායනවා. ඉන්දියාවේ යකඩ ගොඩවල් ටික ගොඩගහ ගත්තාට තමයි අපට අර සුවසැරිය ගිලන් රථ සේවය නොමිලේ ලැබුණේ පිනට...
බලන්න ඉතින් හදලා ගන්න පුලුවන් ඒවනේ විසිකරන්න දාලා තියෙන්නේ.. අපේ හාමුදුරුවනේ..!!!
වාහන ගේන්න ඩොලර් සංචිත නැති වෙලේ මෙය තරමක වාසියක් වෙන්නට ඇතැයි කියා හිතමුකෝ.. ඒත්, මේවා නවීකරණය කළාට, ඒවායින් අලුත්ම වාහන වලින් ලබනා සේවය ලබන්නට නම් බැහැ. මේ රටේ අලුත්වැඩියා කරන වාහන වේගය 40 පැන්න ගමන්ම තනිකරම ඩක්කුවක ශබ්දය පරදනවා. හැබැයි එතකොට නලාව නම් ඕනෑ වෙන්නේ නැහැ. ටික කලක් යනවිට ඇන මුරිච්චි ඇතුළු කොටස් බුරුල්වී කොහේ යයිද කියන්නට බැහැ. තවත් පාරක් අලුත්වැඩියා කරනකොට එක වාහනයකට වාහන දෙකක මුදල් ගිහිල්ලා. අපේ රටේ සමහර මිනිසුන්ට මේවා තේරුම් ගන්නට නොහැකි වුණාට, දියුණු රටවල වාහන වසර කිහිපයක් පාවිච්චි කොට තලා පොඩිකොට දමනවා. මේ පරණ අබලන් වාහන නැවත අලුත්වැඩියා කිරීම ගැන සිනහා උපදවන කතාවක් ජනවහරේ පවතිනවා. එය නම්, "ආච්චිව මොනතරම් හොඳට අන්දවාලා මේකප් කරත් කිසිදාක මනමාලියෙක් කරන්නට බැහැ" යන්නයි. ළාමක මිනිසුන් මේවා තේරුම් නොගෙන උන්මත්තකයන් මෙන් පුහු තර්ක ගෙනාවත්, මෙවැනි කියමන් නිකමට කියවිලා නැහැ.