IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාඳුළුවාවේ සෝභිත හිමිගේ ගුණ සැමරේ

(ඩයනා උදයංගනී)

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ සිව් වැනි ගුණ සැමරුම් උත්සවයක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෝභිත හිමියන්ගේ උපන් ගම වන පාදුක්ක මාදුළුවාවේ දී අද (08) පැවැත්විණි.

සෝභිත හිමියන් අධ්‍යාපනය ලැබූ මාදුළුවාවේ රජයේ මහා විද්‍යාලයේදී මෙම උත්සවය පැවති අතර එහි ඉදිකෙරුණු, සෝභිත හිමියන්ගේ නමින් නම් කළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ද සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

සර්ව රාත්‍රීක ධර්ම දේශනයක්ද එහිදී අද (08) රාත‍්‍රී පැවැත්වීමට නියමිත අතර හෙට (09) දින දහවල සංඝගත දක්‍ෂිණාවක්ද පැවැත්වීමට නියමිතය.

මාදුළුවාවේ රජයේ මහා විද්‍යාලයේදී පැවති ගුණ සැමරුම් උළෙලේදී කතානායක කරු ජයසූරිය මහතා විසින් සොභිත හිමියන්ගේ ඡායාරූපයකට පුෂ්පෝපහාර දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවි ජයවර්ධන මහතාද මෙහි සිටී.

සෝභිත හිමියන්ගේ වැඩිමහල් සොහොයුරා ඇතුළු ඥාතීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 



අදහස් (12)

මාඳුළුවාවේ සෝභිත හිමිගේ ගුණ සැමරේ

sirimal Friday, 08 November 2019 12:22 PM

උන්වහන්සේගේ නමින් බලයට පැමිණි කෙනාට දැන් ඒවා මතක නැති වෙලාද ?

:       0       132

akaru suriya Friday, 08 November 2019 01:10 PM

අපිට කරන ලද සේවයට ඔබ වහන්සේට එළොවදී සිටින හොඳම ස්ථානයක සිටින්නට ප්‍රාර්ථනා කරන අතර අනේක වාරයක් සමාව භජනය කරමි. යහපාලනය වැරදි නමක් අපිට හඳුන්වා දුන්නත් අපේ බොහෝමයක් මත්කුඩු ව්‍යාපාරයේ නියමුවන්ය. අන්තවාදීන්ය. නමුත් අපිට බලය කෙසේ හෝ අවශ්‍ය වෙනවා.. ඔබ වහන්සේ එතැනදී අනවශ්‍ය වැටහෙනවා ඇත.

:       0       17

සමන්ත Friday, 08 November 2019 02:48 PM

කරු ජයසූරිය මහතාණෙනි, කෙලෙහි ගුණ නොදන්නා අධමයින් අතර ඔබවැනි කෙලෙහි ගුණදන්නා මිනිසුන් අල්ප වන්නේය. ඔබ අසුචි තැවරුණු කුණු දේශපාලුවන් අතර මැණිකක් වන්නේය. පල් හොරුන් සහ සිරිසේන වැනි මිනිසුන් නැවත අප අතර නොඉපදී මාදුළුවාවේ සෝභිත හිමි වැනි සඟ රුවන වැඩි වැඩියෙන් මේ දේශයේ පහළවේවා...!!!

:       52       220

chandima Friday, 08 November 2019 04:45 PM

එකපාරටම මතක් වුනේ මොකද? හීනෙන්වත් පෙනුණාද?

:       54       132

Chanak los angeles Friday, 08 November 2019 05:35 PM

බලයට පැමිණ පැජට් පාරේ මාලිගාවට යන්නේ සෝභිත හිමියන් නිසයි කියන දේ අමතක කරලා...

:       1       103

ලුම්බිණි Friday, 08 November 2019 11:47 PM

අයියෝ සිරිසේන?

:       0       7

Bamunuarachchi Saturday, 09 November 2019 04:05 AM

ආයිත් වැඳලා කරලා ලිපගිනි මොලවන්නේ ඡන්දයක් ආවාම තමයි.

:       4       23

සමන්තSaturday, 09 November 2019 06:15 AM

බමුණෝ, ලෑස්ති වෙලා ඉන්න. තවම ළිප ගිණි මොළවලා නෑ.

:       0       1

nisansala Saturday, 09 November 2019 05:41 AM

යහපාලනය... සාධාරණය දැන් රට පුරා පිරිලා ඉතිරිලා දොරේ ගලනවා. ඒනිසා රටේ තියෙන හැම දෙයක්ම ඩොලර් වලට විකුණන්නේ.. 2015 ජනවාරි 8 වැනිදා සිට සිදුවූ හැම සිදුවීමකටම වගකිව යුතුයි .

:       4       19

samanwimalaSaturday, 09 November 2019 07:14 AM

උන්වහන්සේ අවසානයේ වදාලේ "අපිට වැරදුණා මහත්තයෝ " කියලයි.

:       1       22

දෙනෙත් Saturday, 09 November 2019 09:09 AM

කෝ මේ මිස්ටර් නිර්පාක්ෂික?

:       0       5

RaveendraSunday, 10 November 2019 01:26 AM

මිස්ටර් නිර්පාක්ෂිකගේ පක්ෂියා නැහැ පේන්නට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site