IMG-LOGO

මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මන්ත්‍රීවරිය සහ ඇගේ සැමියා ඝාතනය කළ වෙඩික්කරු අල්ලා ගැනීමට ඇමෙරිකන් ආරක්ෂක අංශ සමත්විය. වෙඩිඩකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ පොලිසිය සහ එෆ්.බී.අයි. කාර්යාංශය එක් වෙමිනි.

වෙඩි තබා ඝාතනය කෙරුණේ මෙලීසා හා්ට්ර්මැන් නමැති ඩිමොක්‍රික් පක්ෂයේ මිනසෝටා ජනපදයේ මන්ත්‍රීවරියයි. ඇගේ මාර්ක් ද වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය.

 ඊට අමතරව, ඩිමොක්‍රටික් ජනපද  සෙනෙට්සභික ජෝන් ඒ. හොෆ්මන් සහ ඔහුගේ බිරිඳ වයෙට්ට ද වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෙඩි ප්‍රහාර එල්ල වූයේ වෙඩික්කරු පොලිස් නිලධාරියකුමෙන් සැරැසී මොවුන්ගේ නිවෙස්වලට යමිනි.

වෙඩි තැබීම කළ සැකකරු 57 හැවිරිදි වෑනන්ස් බොයෙලටර් නමැත්තා බව එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති. මොහු අල්ලා ගැනීමට හැකි වූයේ දින දෙකක් තිස්සේ ලුහුබැඳීමෙන් පසුව යැයි ද පැවැසෙයි. සිද්ධිය ගැන තවමත් විමර්ශන පැවැත්වෙයි.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

මන්ත්‍රීවරියට වෙඩි තැබූ සැකකරු අල්ලා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1540 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 551 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 620 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site