(යොහාන් භාසුර)
විදුලි කප්පාදුව පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ ඛනිජ තෙල් අමාත්‍යංශයේ නිලධරීන්ට මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙක් එකඟ නොවූ ලිපි දෙකකට අත්සන් කරන ලෙස බලපෑම් කර ඇති බවත් ඔවුන්ව සිරගත කරන බවට තර්ජනය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින්ට එරෙහිව ගත යුතු පියවර පිළිබඳව මේ වන විට නීති උපදෙස් ගැනීමට කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දුන් බව ද සදඟන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කොමිසමට විදුලි ඇමතිගෙන් චෝදනා
Kumara Friday, 27 January 2023 11:58 PM
සද්දෙ වැඩියි... අඩුකරගත්තොත් හොඳයි... මහඑකාට වෙලා තියෙන දේ මතක් කරන්න ඕනෑ නැහැනේ...
ranjithpre Saturday, 28 January 2023 06:23 AM
රටට කළ විනාසෙට දිට්ඨ ධම්මවේදනීය කරුමය ඵලදීලා දුක්විඳිනවා. මෙයාටත් ජනතාවට ජනතාවට හිරිහැර කරලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදේවි...
චන්දන Saturday, 28 January 2023 07:47 AM
මෙයා දඟලනවා වැඩියි. කෙසෙල් ගහට කොටන්න යන්නේ... මහජනතාවට මෙයා ගැන ඉක්මන් තීරණයක් ගන්න වෙයි...
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 January 2023 11:03 AM
මානව හිමිකම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට විඳින්නට සිදුවන දුක් ගැහැට ගැන කිසිඳු තැකීමක් නොකරන ඇතැම් දේශපාලකයින් මානව හිමිකම් කොමිසමට එරෙහිව කරනා දෝෂාරෝපණ ගැන නුවණ ඇති අය කරුණු කාරණා හොඳින් දනී...