(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා,පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්හ වී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රටට දැනගැනීමට හැකි ආකාරයට, එම යෝජනා, විශේෂ කාරක සභාවක විවාද කළ හැකිද යන්න සම්බන්ධයෙන්ද කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ ගැන අවසන් නිගමනයට පැමිණීමේදී කතානායකවරයා  මන්ත්‍රීවරුන්ගේද අදහස් විමසනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර විවාදයට ගැනීමට දින වෙන් කළ නොහැකි වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විශාල සංඛ්‍යාවක් ඇති බව පැවසූ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ කාලයක් යනතුරු බලා නොසිට මේ වසර තුළදී හෝ, මෙම යෝජනා විවාදයට ගැනීමට අවස්ථාව සලසා දීම නව ක්‍රමවේදයේ අපේක්ෂාව බවද කියා සිටියේය.