(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරය වසා දමන්නැයි තමා ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙන ඒමට හැකියාව ඇති බවත් පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
කතානායකවරයා අවසර දෙන්නේ නම් පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දැමිය හැකි බවද ඔහු කීවේය.
කැටගොඩ මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයේ දියර කිරි ගැන පළවූ වාර්තාව සම්බන්ධයෙන් ඇතිවූ සංවාදයේදීය.
එහිදී ඇතිවූ සංවාදය මෙසේය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා:
මොකක්ද මේ මන්ත්‍රී භෝජනාගාරයේ ඇතිවෙලා තියෙනවා කියන කිරි සිද්ධිය. මේ වගේ සිද්ධියක් වෙලා නම් ඒක මෙතන ඉන්න දෙසිය විසි පහටම හොඳ නැහැ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ජයන්ත කැටගොඩ මන්ත්‍රීතුමා ඒ ගැන දැන් ප්‍රකාශයක් කරනවා.
ජයන්ත කැටගොඩ මහතා:
මන්ත්‍රීවරුන් පිරිසක් දියර කිරි ඉල්ලා යකා නටලා කියලා පුවත්පත් වාර්තාවක් පළ වී තිබුණා. අපි ඒ ගැන සොයා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නෑ. මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න.
සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:
පාර්ලිමේන්තුවේ අයට හැමදේම තියෙනවා. අපිට මොකුත් නෑ කියලා ජනතාව කියනවා. අද පාර්ලිමේන්තුවේ ගෑස් හිඟයක් නෑ.ඒත් රටේ මිනිස්සුන්ට ගෑස් නැහැ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය අපි හොඳින් දන්නවා. කිරි ප්‍රශ්නයත් අපිට විතරක් නෙමේ රටටත් තියෙනවා. ගරු කතානායකතුමනි මේ තත්ත්වය නිවැරදි වෙන්න ඕන. මන්ත්‍රීවරයකු විදියට මටත් මේ චෝදනාව එනවා.
කැටගොඩ මහතා:
ඔය හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන පැන්න වගේ වැඩක්. මන්ත්‍රී භෝජනාගාරය වහල දාන්න. අපිට ප්‍රශ්නයක් නෑ . අපි ගෙදරින් කෑම එකක් ගෙනල්ල කන්නම්. අපි මෙතනට එන්නේ කන්න නොවෙයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
මම ඒ වාර්තාව දැක්කා. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නම්. මේක තවදුරටත් සංවාදයක් කරගන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘අපි මෙතැනට එන්නේ කන්න නෙවෙයි...‘‘ මෙහෙමත් බොරු කියන හොරුන්ද මේ රට සංවර්ධනය කරන්නේ...? මේ අය ඔය ගාලට එන්නේ එතැන නිකන් දෙන පුන්නක්කු ටික කන්න බව මුළු රටම දන්නවා.
කම්කරුවා සිට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයා දක්වා ගෙදරින් කෑම එක ගෙනියන එකේ මෙම කැන්ටිම වසා දමන්නේ නම් ජනතාව රජය ගැන ධනාත්මක ආකල්පයක් දරාවි. මොකද කියනවා නම් කැන්ටිමේ කෑම රස වූවත් පෝෂ්‍යදායි නොවන හෙයින් අත්පොලසන් දීමට තරම් ශක්තියක් මන්ත්‍රීවරුන්ට නැත. ඔවුහු ඉතා අමාරුවෙන් සහ අලසකමින් සිටින්නේ එබැවිනි. කැටගොඩ මහතාට ප්‍රණාමය හිමිවිය යුතුය.
කොහොමත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීලාට, ඇමැතිලාට, ජනාධිපතිට, අගමැතිට වගේ අනුන් මත යැපෙන අයට රටේ ඇත්ත ප්‍රශ්ණ දැනෙන්නේ නැහැ. ඔවුන්ට කොහෙන් හරි අවශ්‍ය දේවල් ලැබෙනවා. භෝජනාගාරයේ ඒවා කන්න පුළුවන්ද ඇඳුමක් ඇඳන්? ඕවා කාලා බීලා දවසක හරක් වෙලා ගෙවන්න වෙන්නේ ඔබලාටමයි... කොහොමත් ලෝකය ආපස්සට යන්නේ දැන්. එතකොට බඩු අදින්න, කූඹුරු හාන්න අලුතෙන් හරක් උපදින්න ඕනෑ. ඒකට සුදුසුකම් සපුරලා ඉවරයි හැම දේශපාලුවාම වගේ...
මන්ත්‍රී භෝජනාගාරය විතරක් නෙවෙයි, මන්ත්‍රී චෝදනාගාරයත් වහලා දාන්න...