
(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාවලට අධිකරණ නියෝගයක් මත මුද්‍රා තැබීය.
ඒ අනුව එම මැදිරියට ලබන පෙබරවාරි මස 8 වැනිදා දක්වා තාවකාලිකව මුද්‍රාතැබේ.
මඩකලපුව මහජන පරික්ෂකවරයා ඇතුළු කණඩායමක් එම දුම්රියේ ආපනශාලාව හදිසි පරීක්ෂාවකට පසුගිය 22 වැනිදා ලක්කළ අවස්ථාවේදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස පවත්වාගෙන යන්නේ යැයි එම කණ්ඩායම වෙත නිරීක්ෂණය වී ඇති බවත් එම ආපනශාලාවට පිරිසිදුකම නිසි ලෙස පවත්වාගෙන යන ලෙස මීට පෙර උපදෙස් දී තිබුණ ද එය එසේ පවත්වාගෙන යාමට කටයුතු නොකිරීම හේතුවෙන් අධිකරණ වෙත පැමිණිලි කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
එම පැමිණිල්ල මඩකලපුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ අද විභාගය කළ අතර එහිදී එම මැදිරියේ ඇති ආපනශාලා පෙබරවාරි මස 8 වන දක්වා මුද්‍රා තබන ලෙස මහෙස්ත්‍රාත්තුමා නියෝග කළ බවත් ඒ අනුව අද දින මඩකලපුව දුම්රිය ස්ථානයේදී මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලාව මුද්‍රා තැබීමට කටයුතු කළ බවත් එම නිලධාරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෝච්චිය යන්නේ ඒ සීල් තියපු පෙට්ටියත් ඇදගෙනද?
ඉතා හොඳ දෙයක්, මේ අයට දුම්රියේ ඇති සියලුම කැෆේවල හොඳ සේවාවක් සැපයීමට නොහැකියි.