
(ෂේන් සෙනෙවිරත්න)
මධ්‍යම පළාතේ පාසල්වල 11 වැනි ශ්‍රේණිය සඳහා ලබා දී ඇති දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රය 2019 වසරේදී උතුරු පළාතේ පාසල් සඳහා ලබාදුන් ප්‍රශ්න පාත්‍රයේ පිටපතක් දැයි සෙවීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
එකොළොස් වැනි ශ්‍රේණියේ දෙවැනි වාර විභාගය ඊයේ (14) පැවති අතර එහිදී මෙම ගැටලුකාරී තත්ත්වය මතුව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ද පෙනී සිටීමට නියමිත මෙම සිසුන් සඳහා දෙවන වාරය වෙනුවෙන් ලබා දුන් දෙමළ භාෂා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 24 සිට සියලු ප්‍රශ්නත් දෙවන හා තුන්වන ප්‍රශ්න පත්‍රවල සියලුම ප්‍රශ්නත් 2019 වසරේ දී උතුරු පළාත් සිසුන් සඳහා ලබා දුන් ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වූ ඒවා බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය වෙත දැනුම් දෙමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලීමක් කරර තිබේ.
මෙම ප්‍රශ්න පත්‍රය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සකස් කොට මධ්‍යම පළාතේ පාසල් වෙත නිකුත් කොට තිබෙන අතර 2019 වසරේදී උතුරු පළාත් ප්‍රශ්න පත්‍රය ගෙන්වාගෙන මෙම ප්‍රශ්න පත්‍රය සමඟ සසදා බැලීමක් කිරීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නයෝමි හෙට්ටිආච්චි මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd