IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුදල් ආරවුලකට සරසවි සිසුවා පැහැරගත් සරසවි සිසුන් තිදෙනෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග පැහැරගෙන ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ බව කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකු පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

පැහැරගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වැනි දා සිය පියා මෝටර් රථයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇරලවා නිවසට පැමිණ අවශ්‍යතාවක් සඳහා කළුබෝවිල ආසිරි මාවත නිවසින් පිටත්ව යමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක් වී ඇති බව පොලිසිය කියයි.

සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට දෙහිවල නගර සභාව ආසන්නයේදී වෑන් රථයක් මඟ හරස් කර ඉන් බැස ආ තරුණයන් සිවු දෙනකු සිසුවා මෝටර් රථයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම පිරිස කලුබෝවිල රෝහල ආසන්නයේ දී වෑන් රථය අසල නිවසක දමා පැහැර ගත් මෝටර් රථයට සිසුවා ද නැවත නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිසුවා ගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය ලියා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැහැරගැනීමට ලක්වූ සිසුවා ඒ ගැන ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව මව සහ සහෝදරයා කොහුවල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සිසුවා පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසියට ගෙන්වා, ඔහු ලවා සැකකරුට දුරකථන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔහු සමග සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද පැමිණ ඇති. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (2)

මුදල් ආරවුලකට සරසවි සිසුවා පැහැරගත් සරසවි සිසුන් තිදෙනෙක් මාට්ටු

Bamunuarachchi Thursday, 07 December 2023 02:40 AM

විශ්වවිද්‍යාලයට ගියාට මෝඩ ගොබ්බ කොල්ලෝ ටිකක්. JVP පන්ති ගිය එවුන් වෙන්න ඇති. වාහන ඉඩම් ඔහොම ලියාගන්න පුළුවන්ද? ළමයින්ගේ මනස ක්‍රෝධයෙන්, වෛර්යෙන්, ඊර්ෂා වෙන් විකෘත්ති කලේ පාහර ජෙප්පෝ.

:       4       3

සෙනෙවිරත්න Wednesday, 13 December 2023 03:58 PM

ඈ බහුණෝ, ඔය පෙලපාලි ස්ට්‍රයික් නැති ඩිසිප්ලීන් තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ජෙප්පෝ කොහේද? ජෙප්පෝ කළා නම් මෙහෙම අහන්නේ නැහැ. සමාජ අත්දැකීම් නැති බබාලාට නිදහස ලැබුණාම මෙහෙම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site