
හින්දු චාරිත්‍ර අනුව, හින්දු බැතිමතුන්, මකර සංක්‍රාන්තිය සැමරීම සිදු කළ අතර, දැඩි හින්දු භක්තිකයකු වන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මකර සංක්‍රාන්තිය සමරමින්, නවදිල්ලියේ කල්‍යාන් මාගර් නිල නිවසේ ගෙවත්තේ දී ගවයන්ට තණ කැවීය.
සැහැල්ලු ඇදුමකින් සැරැසුණු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගවයන් සුරතල් කරමින්, ඔවුන්ට තණ කවන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර ඉන්දීය මාධ්‍ය ඔස්සේ ඒවා ජනප්‍රිය විය.
හින්දු සම්ප්‍රදායට අනුව, මකර සංක්‍රාන්තිය යෙදෙන නැකතට ගවයන්ට තණ කැවීම ජීවිතයට ආශිර්වාදයක් ගෙන දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි මහත්තයා, තණ ටිකක් ඉතුරු කරලා තියා ගන්න අපේ ගවයෝ ඔහෙට ආපුවහම කවල එවන්න !!!
මේ මනුස්සය ඉන්දියාවේ අගමැති. උත්සවයක් දවසේ නිල නිවසේ වුනත්, වාඩිවෙලා ඉන්නේ ප්ලාස්ටික් පුටුවක. ලංකාවෙනම් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රියෙක්වත් ප්ලාස්ටික් පුටුවක වඩිවෙයිද?
පුලුවන්නම් පාඨක ඔබලා, මෝදි මහත්තයා තණ කවන ගවයන් තිදෙනා නම් කරන්න බලන්න. රුකුලක් වශයෙන් "සාවර" අකුරු දිය හැක !!!
ලංකාවේ ගවයින්ට තණකොළ කවලා ඉවරයි.
ඉන්දියාව තමයි අනිත් රටවල් වලට ගවමස් සපයන ප්‍රධානම සැපයුම් රට...! කාටද ආඩම්බර...? මෝදි මහත්තයාටමයි ඉතින්...
මේ අපේ පොහොට්ටුවේ ගවයෝ නේ ?