(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති මළු 51ක් තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද(14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පැවසීය.
දියඹ මුහුදේ මුර සංචාරයේ යෙදුණු තංගල්ල නාවික හමුදා කදවුරේ නාවික යාත්‍රාවක සිටි නිළධාරින් මුහුදේ පාවෙන සැක කටයුතු සුදු පැහැති මල්ලක් දැක එය යාත්‍රාවට ගෙන තිබේ.
එහි මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් තිබෙනු දුටු නාවික හමුදා නිළධාරින් ඉහළ නිළධාරින් දැනුම්වත් කර මුහුදේ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.
එහිදී වෙරළේ සිට නාවික සැතපුම් පහක් පමණ ඈත මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු මළු 51 ක් සොයාගෙන තිබේ. එම මළුවල හෙරොයින් මළු 03 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මළු 48 ක් තිබූ බව නාවික හමුදා ප්‍රකාශකයෙකු පැවසීය.
එක් මත්ද්‍රව්‍ය මල්ලක් කිලෝ 25 ක් පමණ බරැති බවත් ඒ අනුව මෙම මළුවල මත්ද්‍රව්‍ය කිලෝ 1200 ක් පමණ අඩංගු විය හැකි බවත් පැවසේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මත්ද්‍රව්‍ය තොගයක් රැකව දියඹෙන් ගොඩගනි