IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ කෙටි කාලයකට ගේන්න

 

(සුජිත් හේවාජුලිගේ)

රට පුරා තදින් පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ  පියවරක් ලෙස මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ වෙනත් එවැනි විකල්ප   වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන්  ක්‍රියාත්මක කරන ලෙස  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම   හේවා මහතා රජයට යෝජනා කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් වැඩි වන කාල වලදී සිංගප්පූරුව මියන්මාරය  ඇෆ්ඝනිස්ථානය බංගලාදේශය චීනයේ ජපානය වියට්නාමය සහ  ඉන්දියාව ආදී රටවල  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ඒ ආකාරයට  කෙටිකාලීනව  ක්‍රියාත්මක කරන  බවද ඔහු සඳහන් කළේය.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ළගදීම  අහෝසි කිරීමට  රජය තීරණය කර ඇති හෙයින්  දැනට  එම පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බරපතළ ගණයේ  සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස්වීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා පැවසීය.

මේ හේතුවෙන් එම පනත අහෝසි කිරීමට පෙර බරපතළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත්  කෙටුම්පතක් සම්මත කර ගැනීම ඉතාම  වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය

මේ අතර  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට  අදාල  නඩු විභාග ඉතා කඩිනම් කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමද   ඉතා වැදගත් බවත් ඒ සඳහා රස පරීක්ෂක අංශ සහ අධිකරණ ක්‍රමවේදය  ශක්තිමත් කළ යුතු බවත් හෙතෙම  පැවසීය.

එසේ නොමැති වූවහොත්   රැඳවුම් නියෝග කාලය අවසන්වී ඇප ලබාගෙන විදේශයන්ට පලා යෑමට එම අපරාධකරුවන්ට ඉඩහසර සැලසිය හැකි බව  ප්‍රතිභා මහානාම  හේවා  මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ කෙටි කාලයකට ගේන්න

de silva Monday, 20 October 2025 02:09 PM

අනිවාර්යයෙන් කළ යුතු දෙයක්..., ඔවුන් මරණ දඩුවම ලැබුණත් හිරේ ඇතුලේ සිට දුරකථන භාවිතා කරමින් ගෝලයන්ට අණ දෙමින් මත්ද්‍රව්‍ය, කප්පම් සහ වෙනත් පාතාල ක්‍රියාකාරකම් සිදු කරනවා. මොවුන් නිසා වසරකට දහස් ගණනකගේ ජීවිත, ප්‍රකෝටි ගණනක දේපල විනාශ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1082 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1106 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site