IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මත් රකුසා වැනසීමේ ගම්පහ මෙහෙයුම අරඹයි

(තිලකරත්න දිසානායක)

රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව දැඩි ව්‍යවසනයක් බවට පත්ව තිබෙනවා. සමස්ත ජනතාව ම එකට පෙළ ගස්වමින් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සහභාගි කර ගනිමින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු ආරම්භ කරගෙන යනවා. තල 4ක් යටතේ සමස්ත සමාජයම ආවරණ වන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (11) සවස ගම්පහදී පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.

"විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ට පමණක් කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන නිසා මත්ද්‍රව්‍ය නිවාරණය පිණිස ජාතික සභාවක්, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

ජනතාවගෙන් තොරතුරු ගලා එනවා. දැනට හදිසි දැනුම්දීමේ අංක වෙත පැමිණිලි 1000 පමණ ලැබී තිබෙනවා.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සැලැස්මක් සකස් කර ඉහළ සිට පහළට ක්‍රියාත්මක කෙරෙනවා. දිවයිනෙහි දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය වශයෙන් මෙහෙයුම් සභා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා. දිස්ත්‍රික් කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතීන්ගේ ප්‍රධානත්වයෙන් ද ප්‍රාදේශීය කමිටු, ඒවායෙහි සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ද ක්‍රියාත්මක කෙරෙන අතර මේවා පොලිස් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වෙනවා.



අදහස් (0)

මත් රකුසා වැනසීමේ ගම්පහ මෙහෙයුම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site