IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකුට මරණ තර්ජන

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙසට දුරකථනයෙන්  ඊයේ (27) රාත්‍රියේ  මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මීට පෙර මරණ තර්ජන එල්ල වු එස්.බී. දිවාරත්න මහතාට ද කෙටි පණිවිඩයක් ඔස්සේ යළිත් වරක් මරණ තර්ජන එල්ල කර ඇති බව කොමිෂන් සභා ආරංචිමාර්ග සඳහන් කළේ‍ය.

මරණ තර්ජන එල්ල වූකේපීපී  පතිරණ සහ දිවාරත්න යන සාමාජික මහත්වරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

එස්.බී. දිවාරත්න මහතාට හා කේ.පී.පී. පතිරණ මහතාට  තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට මරණ තර්ජන එල්ල කර තිබුණේ පසුගිය 18 වැනිදාය.



අදහස් (8)

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයකුට මරණ තර්ජන

ravin Saturday, 28 January 2023 05:03 PM

තුන්කට්ටුවේ තවත් වැඩක්...

:       2       17

ranjith Saturday, 28 January 2023 06:22 PM

මේ රට මැරයන්ගේ දේශයක් වෙන්න යන්නේ... මේවාට නීතිය ඉක්මණින් ක්‍රියාත්මක කළයුතු නොවේද? මෙහෙම රටකට සංචාරකයින් ඒවිද?

:       1       21

PrabathSunday, 29 January 2023 10:18 AM

මැරයින් තමයි... 71, 88/89 යේ බස් ගිනි තිබ්බේ.., රජයේ දේපළ විනාශ කළේ. අහිංසක මිනිස්සු මරලා දැම්මේ..

:       1       0

siri Saturday, 28 January 2023 07:35 PM

මේවා කරන හෝ මෙහෙයවන කණ්ඩායම් මේ කරන තක්කඩි වැඩ නිසා මේ බෞද්ධ රට ලෝකයා හමුවේ විනයක් නැති රටක් විදිහට ප්‍රසිද්ධ කරන්නයි හදන්නේ...!

:       0       17

Perera Sunday, 29 January 2023 01:26 AM

පාස්කු ඉරිදා 269 ක් මරාගෙන බලයට එන්න පුළුවන් .එවුන්ට බලයේ රැඳිලා ඉන්න තව තුන් හතර දෙනෙකුට මරණ තර්ජන කරන එක කජ්ජක්ද

:       0       0

Ariyathilaka Sunday, 29 January 2023 01:47 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධව මැදිහත් වී පරීක්ෂණයක් ඇරඹිය යුතුයි. එයට සම්බන්ධ සියලු දෙනා හෙළිකර නීතිය වෙනුවෙන් වගවිය යුතුයි. එසේ නොකරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගවීම පිළිබඳව විශ්වාසය...?

:       0       0

මහදැනමුත්තා Sunday, 29 January 2023 03:55 AM

මෙච්චර දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්න රටේ මේ එන කෝල් ගැන හොයන්න දක්ෂයින් නැද්ද? එතකොට මේ ෆෝන්වල CLI තිබිලාම නැද්ද? ඇයි මේ බොරුව...? ඡන්දේ කල්දාන්න කරන උප්පරවැට්ටි. රටේ ජනතාව හරක් කියලා මේ අය හිතන් ඉන්නේ...

:       0       0

fairoos Sunday, 29 January 2023 12:49 PM

රනිල් රාජපක්ෂලාට මොනවාහරි කරලා ඡන්දය කල්දාගන්නයි ඕනෑ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site