(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්රිගු)
අදාල තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික අපරාධ පැමිණිල්ල වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා ඉවත් වන බව දැනුම් දුන්නේය .
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මේ බව දැනුම් දුන්නේ මෙම පෙත්සම ඊයේ (31) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.එම්.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd