
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර කොටුවේ මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විදුලි කණුවක් සිටුවීම සදහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද සවස මිනිස් ඇට කටු තොගයක් හමු වී තිබේ.
පසුව මාතර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු ඒ පිළිබඳව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබු අතර ඒ අනුව ගාල්ල හා මාතර පුරා විද්‍යා ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කලේය.
අඩි 4 ක් පමණ ගැඹුරු වලක එම අස්ථි කොටස් තිබු අතර ඉපැරණි ඇණ 04 ක් ද ඒවා සමග ගොඩ ගනු ලැබීය.
එම මිනිස් අස්ථි කොටස් කුමන කාලයකට අයත් ද යන්න සෙවීමට වැඩි දුර පරීක්ෂණ සිදු කළ යුතු බව පුරා විද්‍යා නිලධාරියෙකු කීය.
තවද දැනට පවතින තත්වය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කොට එම ස්ථානයේ තව දුරටත් කැණීම් සිදු කරනවාද යන්න තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර මැකෝ කාර්යාලය ඉදිරිපිට වළක් හාරද්දී අස්ථි කොටස් මතුවේ
sampath Wednesday, 06 December 2023 10:18 PM
මේවා 89 නටඹුන් වෙන්න පුළුවන්
Bamunuarachchi Thursday, 07 December 2023 02:30 AM
ඒ කාලේ ජෙප්පන්ගේ වීර ක්‍රීයා නැතිනම් ප්‍රේමදාස් ගේ වීර ක්‍රීයා වෙන්න පුළුවන්.
ජනකThursday, 07 December 2023 12:45 PM
ප්‍රේමදාස වීරයෙක් තමයි.පිස්සු බලු සමාජවාදී රෝගයට ඒ වෙලාවෙ උත්තර දුන්නෙ නැත්නම් අද ලංකාවක් නෑ.ඇත්තටම ශ්‍රීලනිපය සහ ජවිපෙ කියල පක්ෂ දෙකක් තිබුණෙ නැත්නම් අපි සිංගප්පූරුව පහු කරන්නෙ 1980දි විතර.අදටත් මේ රටේ ප්‍රතිසංස්කරණ කරන්න දෙන්නෙ නැත්තෙ ඔය යක්කු තමයි.විනාශකාරී පසුගාමී රාජ්‍ය අංශය මත යැපෙන ඔය විලෝපිකයින් ඉන්නකන් මේ රට දියුණු කරන්න බෑ.
Bamunuarachchi Thursday, 07 December 2023 07:53 PM
නැහැ නැහැ... මම ප්‍රේමදාස අවතක්සේරු කළා නොවෙයි. ඒ කාලේ හැටියට කරපු වැඩේ හරි. අරගල කාලේත් හිටියා නම් රැට්ටාලාගේ ඔළු උඩින් යන්නේ යුද්ධ ටැංකි...!
jayasekara Thursday, 07 December 2023 09:02 AM
ඕවා පුතානොගේ තාත්තා ගේ කාලේ ඒවා වෙන්න ඇති