(සුජිත් හේවාජුලිගේ )
සුරා බදු නිෂ්පාදකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් සුරා බදු බලපත්‍ර වාර්ෂික ගාස්තු අඩු කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් පමණ අය කරනු ලබන ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පොල් රා බෝතල් කිරීම සඳහා රුපියල් කෝටියක් ලෙස පැවති වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කර ඇත.තල් රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව නව සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ පහක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, නියමයි ...! අත්‍යාවශ්‍යෙයන්ම කළ යුතු වැඩක්...!
මරු ජොනියට දුන් සහනය... දෙකෝටි පනස් ලක්ෂයක් වූ වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 20 දක්වා අඩු කර ඇත
විද්‍යුත් තැපැල් ලිපිනය පහසුවෙන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වහාම යලි ක්‍රියාත්මක කරන්න. එසේ කළ නොහැකි නම් ඒ මන්දැයි දන්වන්න.
ඒකෙන් තේරෙන්නේ ආණ්ඩුව පාලනය කරන්නේ තැබෑරුම් කාරයින් කියන එක නේද?
එහෙම කරනවා කියලා කලින් කීවොත්..?
පුදුම සහනයක් ?
ජාවාරම් කරුවන්ටම ගිය රට...
ආණ්ඩුව කරන්න හදන්නේ රත්තරන් බිත්තර දාපු කිකිලිට කරපු දේ.