
මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්‍රඩෝ වර්ගය මිශ්‍ර සුනඛයෙකි.
නින්දට යාමට ප්‍රථම මත්පැන් පානය කිරීමට කොකෝ පුරුදුව සිට ඇති අතර කොකොගේ ස්වාමියා මිය යාමෙන් පසු පශු වෛද්‍යවරුන් මත්පැන් වලට ඇබ්බැහි වූ කොකෝ සහ තවත් සුනඛයෙකු සොයා ගෙන ඇත.
සුනඛයන් දෙදෙනාගේ මත්පැන් ඇබ්බැහි වීමට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර එහිදී එක් සුනඛයෙකු මියගොස් තිබේ.
කොකෝ දැඩි සත්කාර ඒකකයේ තබා ගනිමින් පශු වෛද්‍යවරුන් මාසයකට අධික කාලයක් ප්‍රතිකාර කර ඇත.කොකෝට දැන් අනතුරක් නොමැති බවත් කොකෝ සාමාන්‍ය සුනඛයෙක් හැසිරෙන ආකාරයෙන් හැසිරෙන බවත් පශු වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
කෙසේ නමුත් මත්පැන් පානයට ඇබ්බැහි වූ සුනඛයකුට ප්‍රතිකාර කළ ප්‍රථම අවස්ථාව මෙය බවද පශු වෛද්‍යවරුන් පවසා තිබේ.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
One Asian county has a Health Minister like this Dog, one time he walk from 3rd floor of a hotel straight to garden in Australia, after too much lacquer, had to treat in Singapore for 03 months.