IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්ට ඇප

(රෝෂන් තුෂාර)

රේගුවට හොර රහසේ ආනයනය කළ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයකට නීති විරෝධීව අංක තහඩුවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් සිවුදෙනකු ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (08) නියෝග කළාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, ලිපිකරු ධම්මික නිරෝෂන් හා හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ හා ව්‍යාපාරිකයකු වන මද්දුමගේ ධනුෂ්ක නුවන් ගුණරත්න සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණි.

ඒ අනුව පලමු දෙවන සහ තෙවන සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියනය බැඟින් වූ ශරීර ඇප දෙකක් හා සිව්වන සැකකරුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාරදෙන ලෙසටද නියොග කළාය.

ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිස කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවට තරුණු ඉදිරිපත් කළේය.

2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට ආනයනය කළේ යැයි කියන ටොයෝටා වර්ගයේ ජී.එස්.9164 රථය 2002 වර්ෂයේ මුල් ලියාපදිංචිය කර ඇති බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අංක තහඩුවක් නිකුත් කිරීම හා ඊට ආධාර අනුබල දීම තුළින් රජයට රුපියල් 32268620.00 පාඩුවක් කිරීමේ සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

 



අදහස් (0)

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site