
කම්කරු පක්ෂය හමුවේ ලැබූ පරාජයත් සමඟ, කොන්සවර්ටිය් පක්ෂ නායකයා මෙන්ම වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනාක් සිය පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලීමක් කළේය. මෙවර මහ මැතිවරණයෙන් කොන්සවර්ටින් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමන් බාර ගන්නා බව ද සුනාක් පැහැදිලි කළේය.
කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 400 කට වැඩියෙන් දිනා ගනිමිනි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 326 ක් දිනාගත යුතුය. රිෂී සුනාක් සහ ඔහුගේ කොන්සවර්ටින් පක්ෂය දිනා ගත්තේ ආසන 118 ක් පමණි.
කම්කරු පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් බව ප්‍රසිද්ධියට පත් වුණු සැණින්, පරාජය බාර ගනිමින්, සුනාක්, කම්කරු පක්ෂ නායක කියේර් ස්ටාර්මර්ට සුබ පැතුවේය. සුනාක් සිය පක්ෂ ආධාරකරුවන් හමුවී ඔවුන්ගෙන් සමාව ඉල්ලීමක් කළේ ඉන්පසුවය.
‘කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවුණා. මා ස්ටාමර්ට කතා කළා සුබ පැතුවා. මැතිවරණ පරාජය මා බාර ගන්නවා. මැතිවරණය පරාජය වුණේ මා නිසා. ඒ වගකීම මා ගන්නවා. මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පැහැදිලි කළේය. තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද සූදානම් බව සුනාක් වැඩි දුරටත් කියා සිටියේය.
සම්ප්‍රදායට අනුව, පරාජය බාර ගැනීමෙන් පසු, රිෂී සුනාක්, තෙවැනි චාල්ස් රජු හමුවට ගොස් ඒ බව දැනුම් දෙයි. මැතිවරණය ජයග්‍රහණය කළ කියේර් ස්ටාර්මර් ද තමන්ට නව රජයක් පිහිටුවීමට හැකි බව ඉන්පසු චාල්ස් රජු හමුවී දැනුම් දෙනු ඇත. කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ රජයක් පිහිටුවන්නේ වසර 14 කට පසුවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ අපේ නම් ජනෙල්වල එල්ලිලා හඬනවා යන්න බෑ කියලා නිල වශයෙන් කා එක්ක හරි එකතු වෙලා ගහනවා ආයේ සංධානයක්
විදේශිකයන් පරම්පරා ගණනාවක පටන් ජිවත්වන රටකි බ්‍රිතාන්‍යය , සුනක් විදේශ සංක්‍රමණිකයන්ට විරුධව දැඩි ජතිවාධි පිළිවෙතක් අනුගමනය කරනකොට විදේශ සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියන් ඔහුට විරුධව චන්දෙ දෙනවා අනිවාර්යයෙන්, වෙනද ඡන්දෙ දෙන්න යන්නේ නැති මිනිස්සුත්න් ඡන්ය දෙන්න යනවා ඔහුට විරුධව , මධ්‍යස්ත මතධාරී පුරවසියනුත් කැමති නැහැ දක්ෂිනාෂික ජතිවධයකට .ජාතිවාධය හැමදාම මාර්කට් කරන්න බැහැ , විදේශ සංක්‍රමණිකයන්ට ඉදිරියේදී හොඳ කාලයක් ඒවි
ලංකාවේ නම් ඡන්දේ නැතුව ඉන්න නොයෙක් නොයෙක් උපක්‍රම දාගෙන බලයේ ඉන්න දත කනවා දේශපාලුවන්ට මෙන්න හොඳ පාඩම් ලංකාවේ ඉන්න වලේ ඉදනුත් දේශපාලනය කර කර හොරා කන්ඩ ලෑස්ති වෙච්ච සෙට් එකක්
ඔයා බොහොම හොද වැඩක් කෙරුවා සුනාක් මහත්තයෝ, අන්ත දක්ෂිණාංශිකක කොන්සර්වෙටිව් පක්ෂය බිමට සමතලා කෙරුවා රනිල් වගේම.
කලට වෙලාවට ඡන්දේ තියලා ගව්රවණීය විදියට සමුගන්න නායකයෝ? ඒකටත් එක්ක අපේ රටේ, ගේම් ගගහා සදහටම බලයේ ඉන්ඩ හදන බලලෝබී, බඩගෝස්තරවාදී කාලකන්නි දූෂිත දේශපාලුවෝ...,!
21 වන සියවසේ තෙවන දශකයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ " ප්‍රතිමූර්තිය " අයිසිං දමා මූර්තිමත් කළ අවංක, පරමාදර්ශිී "තරලමිණ" ශ්‍රීමත් රිෂිී සුනාක්. ඔබට දිගාසිරි වේවා..!
මෙතුමා ගිහින් ඊළඟට පුතා එනවද දේශපාලනයට..?