ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කරන ලද “අකුරට රුකුලක්-2023” දෙවන අදියර බ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වනු ලැබීය.
බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 12 දුරින් සහ බදුල්ල-මහියංගණය ප්‍රධාන මාර්ගයේ සිට ක.මී.1 ක් පමණ දුර ප්‍රමාණයකින් බ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත.
සිසු සිසුවියන් 42 දෙනෙකුගෙන් සහ ගුරු මණ්ඩලය 11 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසල ආර්ථිකමය සහ යටිතල පහසුකම් ආදියෙන් දැඩි දුෂ්කරතා හමුවේ පවත්වාගෙන යනු ලබන අතර ජල සැපයුමක් නොමැති වීමෙන් පානීය ජල ගැටලුවකින් ද, ප්‍රධාන මාර්ගයේ සිට පාසල දක්වා පැමිණෙන මාවතේ බස් රථ ගමනාගමනයක් සිදු නොවීම හේතුවෙන් ප්‍රවාහන ගැටලුවකින් ද පීඩා විඳියි.
මෙලෙස දැඩි දුෂ්කරතා හමුවේ වුව සිය අධ්‍යාපනය අත් නොහළ ඔවුන් වෙනුවෙන් “අකුරට රුකුලක්-2023” ව්‍යාපෘතිය යටතේ පාසලේ ගණිත කාමරයට සහ ඉංග්‍රීසි කාමරයට විදුලිය සැපයීම සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම, පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබාදීම සහ පාසලේ සංවර්ධන කටයුතු සිදුකිරීම යනාදිය ක්‍රියාත්මක කරන ලදී.
ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුමක් ද සංවිධානය කර තිබූ අතර එහිදී පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා, නර්තන සහ ගායන අංග සංවිධානය කර තිබිණි. එමෙන්ම සෑම සිසු දරුවෙකුටම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
මේ සඳහා මූල්‍යමය දායකත්වයෙන් සහයෝගය දෙනු ලැබූයේ උසස්පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දේශක ලසිත ප්‍රසාද් මහතා සහEfutures, Aeturnm, Zzappit යන මෘදුකාංග සමාගම් විසිනි. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයෙන්, දෙමව්පියන්ගෙන් සහ සිසු සිසුවියන්ගෙන් ලැබුණු නොමඳ සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට උපකාරී විය. තොරතුරු සහ තාක්ෂණ අධ්‍යයන අංශ ප්‍රධානී කථිකාචාර්ය චිරන්ත ජනනාත් කිතුල්වත්ත මහතාගේ මගපෙන්වීමෙන් සහ සිසු සිසුවියන්ගේ සාමුහිකත්වයෙන් “අකුරට රුකුලක්-2023” සාර්ථක ව පැවැත්වී ය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීගහවෙල කනිටු විදුහලට ‘අකුරට රැකුලෙන්’ අත-හිත