( නිරෝෂණ පෙරේරා) )

 මැංගුස් කැඩිමට මැංගුස් ගහකට නැගගත්  66 හැවිරිදි  දෙදරු පියෙකු එම ගසේ අත්තක් සමග බ්මට වැටිමෙන්  මරුමුවට පත්ව  ඇතැයි පොල පොලීසිය කියයි.‍

පැල්මඩුල්ල සිංහපුර බටලන්දේ පදිංචි කේ.ලීලාරත්න නම් අයෙකු මෙසේ මියගොස් ඇත.

දිවා ආහාරය ගැනිමෙන් පසු නිවස ආසන්නව පිහිටි මැංගුස් ගසේ මැංගුස් කැඩිමට ගොස් තිබේ .මැංගුස් ගසේ අත්තක් කඩා වැටෙන ශබ්දය ඇසි මියගිය අයගේ බිරිඳ සහ අසල්වාසියෙක් ගොස් බලද්දී ඔහු බ්ම වැටි සිටි අතර කහවත්ත මුලික රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව  එම රෝහලේ බාහිර රෝගි අංශයේ වෙද්‍යවරයා දැනුම් දි ඇතැයි පොලිසිය පවසයි .