
(උපාලි ආනන්ද සහ බී.ජි. චතුරංග)
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින සිරකරුවන් එළඹෙන 21දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්රධාන මහේස්ත්රාත් සීලනී පෙරේරා මහත්මිය ඒ ඒ සැකකාර සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරවල අධිකාරීවරුන්ට අද නියෝග කළාය.
මෙලෙස නියෝග කළේ මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නඩුකරය මීගමුව ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද (7දා) යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිණි.
මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව සැකකරුවන් ලෙස තවත් සිරකරුවන් 24 දෙනෙකු නම් කරන බවයි.
ඒ සඳහා අධිකරණය අවසරය ලබා දෙන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අවස්ථාවේදී ප්රධාන මහේස්ත්රාත්වරිය ඊට අවසරය ලබා දුන්නාය.
මීගමුව බන්ධනාගාර තුළ ඇති වූ මෙම ගැටුමේදී රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් තිස්දෙනකු මියගොස්, තවත් පිරිසක් බරපතළ සහ සුළු තුවාල ලැබූ අතර බන්ධනාගාර දේපළවලට රුපියල් කෝටි පහළොවකට අධික අනර්ථයක් සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd