IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මක්කම ගිය බසයක් ගිනි ගනී

සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි..

මක්කම සිට මෙඩිනා බලා ගමන් කළ බස් රථයක් ඩීසල් බවුසරයක ගැටීමෙන් අනතුර සිදු වී ඇති අතර මූලික වාර්තා වලින් පෙනී යන්නේ වින්දිතයින් හයිද්‍රාබාද් සිට පැමිණි අය බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තෙලන්ගානා මහ ඇමති රේවන්ත් රෙඩ්ඩි කණගාටුව පළ කර ඇති අතර සම්පූර්ණ තොරතුරු රැස් කිරීමට , සහන සැලසීමට , විදෙස් කටයුතු අමාත්‍යාංශය සහ සෞදි තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කිරීමට නිළධාරීන්ට උපදෙස් දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් එක් පුද්ගලයකු දිවි බේරාගෙන ඇති බවත් මියගිය අය අතර කාන්තාවන් 20 දෙනෙකු සහ ළමුන් 11 දෙනෙකු සිටින බවත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු හයිද්‍රාබාද් සිට පැමිණි අය බවත් තෙලන්ගානාහි අනෙකුත් ප්‍රදේශ වලින් පැමිණි වන්දනාකරුවන්ද සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

විපතටපත් පවුල් වලට උපකාර කිරීම සඳහා තෙලන්ගානා ලේකම් කාර්යාලයේ පාලක මැදිරියක් පිහිටුවා ඇති බවත් එරට මාධය සඳහන් කර ඇත.

(හසිනි නවෝද්‍යා) අන්තර් ජාලය ඇසුරෙනි

 



අදහස් (0)

මක්කම ගිය බසයක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2497 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site