(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රැකියාව කරන 25 හැවිරිදි බිරිඳ නීතිඥවරියක කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ ගිය සැමියා සහ එම ගුරුවරිය රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මාදම්පිටිය පොලිසිය සඳහන් කරයි.

එම සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ගෑම් 01 ක් ගෑම් 06 යි මිලිගෑම් 350 ක් හා සැකකාර ගුරුවරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 149 යි මිලිගෑම් 150 ක් පොලිස් බාරයට ගෙන ඇත.

වෑන් රථයක ඉදිරිපස තබාගෙන මත්ද්‍රව‍ය ජාවාරමේ යෙදෙමින් මාදම්පිටිය ප්‍රදේශයේ බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවට මාදම්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නලින් ශ්‍රියන්ත මහතාට ලද තොරතුරකට අනුව සැකකාර යුවළ මාදම්පිටිය ආගමික ස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම වෑන් රථයේ සිටි සැකකාර යුවළ පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ මෙම අයිස් මත්ද්‍රව්‍යය තිබූ බවත් සැකකාර යුවළගෙන් කිරීමේදී වැලිසර ප්‍රදේශයේ සිට මේවා රැගෙන ආ බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.