IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බාලාංශ සිසුවාට දහයේ සිසුවෙක් ගහලා

(දෙනගම  යසන්ත ආරියසේන)                             

හක්මන ප්‍රදේශයේ පාසලක පළමු වසරේ සිසුවකුට එම පාසලේ දහය වසරේ සිසුවකු පහරදී කුරුඳු ඉඩමකට දමා ගොස් සිටියදි සොයාගත්  බව හක්මන  පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලබා සිටි පළමු වසරේ සිසුවා කඹුරුපිටිය සහ මාතර රෝහල්වලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

පහරදීම සිදුකළ බව කියන දහය වසරේ සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .

තුවාල ලබා ඇති පළමු ශ්‍රේණියේ සිසුවා පාසල් යාමට සූදානම් කර පියා උදේම රැගෙන විත් පාසල ඉදිරිපිට ඇති පන්සලේ නතර කර යන බවත් පාසල පටන් ගන්නා වේලාවට පෙර සැකකාර සිසුවා සමඟ පන්සලේ සිට පාසලට දිනපතා යන බවත් පොලිසිය කළ පරික්ෂණවලින් හෙළිවී ඇත

සැකකාර සිසුවා පන්සලේ නැවතී සිටින අයකු බවත් පළමු ශ්‍රේණියේ සිසුවා  පන්සලට රැගෙන විත් නතර කර ඇති අවස්ථාවේ මෙලෙස පහරදී දීම  කර ඇති බවත් පවසන ෙපාලිසිය පහරදීමෙන් අනතුරුව තුවාල ලබා සිටි සිසුවා විහාරස්ථානය පිටුපස ඇති කුරුඳු ඉඩමට දමා ගොස් සිටි බව  විමර්ශනවලදී අනාවරණය වූ බව පවසයි.

පළමු වසරේ සිසුවකු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පාසල අවට  කළ පරීක්ෂා කිරීමේදී පාසල ඉදිරිපිට ඇති පන්සල පිටුපස තිබෙන කුරුඳු ඉඩමේ බරපතළ තුවාල ලබා වැටී සිටියදී සිසුවා පොලිසියට හමුවී ඇත.



අදහස් (0)

බාලාංශ සිසුවාට දහයේ සිසුවෙක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site