(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බාල ගල් අඟුරු නිසා ජනතාවගේ විදුලි බිලට කෝටි 2500ක බරක් පටවා තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ ගෙන්වා තිබෙන්නේ බාල ගල් අඟුරු බව අයි.එම්.එෆ් එකත් කියනවා.මීට සති තුනකට කලින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා ටික බලන්න.බාල ගල් අඟුරු ලංකාවට පැමිණ නැතැයි ඒ හැම කතාවකම කියනවා.මේ වංචාව හරහා ඔබතුමාලා කෝටි දහ දාහක් ලංකාවේ ජනතාවට පාඩු කළා.මේ දූෂණයට ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය උදව් කර තිබෙනවා.පසුගිය දවස් ටිකේ විදුලිය කැපුවා. එහෙම විදුලිය කැපුවේ නැතැයි දැන් ඇමතිවරයා කියනවා.ගල් අඟුරු වල පාඩුව ජනතාවට දමන්නේ නැතැයි ජනාධිපතිවරයා කිව්වා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.