IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බහු පක්ෂ ක්‍රමය රකින්න ඔක්කොම එක තැනකට එන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය යැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂ වල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් වෙයි. මේ ස්ථාවරයට පැමිණෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලා සිටිමු. 

එලෙසම ඉහත පරමාර්ථය ඉෂ්ඨ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියාකිරීම වෙනුවෙන්ද අපි කැප වී සිටින්නෙමු. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන කමිටුවේ සාකච්ඡා සඳහා අපි සහභාගී වන්නෙමු. අනෙකුත් දේශපාලන පක්ෂ සමගද අප පක්ෂ සාකච්ඡා කළ යුතුව පවතී. 

තවද අප පක්ෂ දෙක අතර සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමේ යෝජනාවට ද එකඟත්වය පළ කරන්නෙමු. 

සමගි ජනබලවේගය මෑතකදී කළ ප්‍රකාශත්, එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණත් සලකා බලා ඉදිරි වැඩසටහන් සකස් කළ හැකිය. 



අදහස් (2)

බහු පක්ෂ ක්‍රමය රකින්න ඔක්කොම එක තැනකට එන්න

ගුණරත්න Wednesday, 15 October 2025 06:05 PM

අනිවාර්යයෙන්ම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ... ආණ්ඩුව හදන්නේ චීන ක්‍රමයේ ඒකාධිපති ආණ්ඩුවක් හදන්න...

:       0       1

ප්‍රියන්තWednesday, 15 October 2025 08:38 PM

අගුණයා කියන චීන ක්‍රමෙන් චීනෙට වැරැද්දක් වෙලා තියෙනවාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 788 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 378 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site