
(අංජුල මහික වීරරත්න)
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු විපක්ෂයම එක ගමනකට එකතු වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව විපක්ෂයේ පක්ෂ නායකයන් දඩයම් කරනවා නම් ඊට එරෙහිව සියලු දෙනා එක්ව රොද බැඳ සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
විපක්ෂයේ පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම සංවත්සර උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කර ඒකාධිපතිවාදයක් හදන්න යනවා. අපි මේකට මුහුණ දෙමු.විපක්ෂයේ නායකයන් අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු.අපි බය නැතුව ඔවුන් සමඟ ඉදිමු.ඒ අය හිතන්නේ අපි මේකට යටත් වේවි කියලා. ඒ නිසා අප මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි.
කවුරුදු 78ක් කලේ මොකක්ද කියා අහනවා.
අපි අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කළ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.අද විදුලි බලය නැත්තේ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තියෙනවද?
ඕන කෙනෙක්ට හම්බ කරන්න අප විවෘත ආර්ථිකය ගෙනාවා. ඕන තරම් උදාහරණ තියෙනවා.මගෙන් අහන්න එපා. වසන්ත සමරසිංහ ඇමති තුමාගෙන් අහන්න. අප ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා කළේ නැහැ.ජනාධිපති සර්වජන ඡන්දයෙන් තේරුණා.රණ සිංහ ප්‍රේමදාස ,මෛත්‍රීපාල සිරිසේන, අනුර දිසානායක ජනාධිපති වුණා. ඒ ක්‍රමය හැදුවේ කවුද?
අපේ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මෙතැනින් ඉදිරියට යා යුතුයි. මේ රැස්වීමෙන් පස්සේ අපි විසිර යන්නේ නෑ. එකතුව යා යුතුයි. ඔක්කොම පක්ෂ එකතු වෙලා රට වටේම රැස්වීම් දාහක් තියන්න.එතන එකතු වෙන බලවේගය බලන්න.
මෙතනින් නවතින්න බැහැ.ඊළඟ පියවර ගත යුතුයි. අපි මේ ගමන යමු.එකට එකතු වෙමු.
(ඡායාරූප: සුමුදු හේවාවිතාරණ)


2025 ඔක්තෝබර් මස 08
1811
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1475
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බහු පක්ෂ ක්‍රමය රකින්න මුළු විපක්ෂයම එක්වෙනවා
Jagath Leanage Saturday, 20 September 2025 03:32 PM
අසූචි වලට අසූචි එකතු වෙනවා වගේ හොරුත් එක්ක හොරු තමයි සෙට් වෙන්නේ. අපි දන්නවා ඔය කාගේ කාගේත් කෙරුවාවල් ගම්මන්පිල.
Perera Saturday, 20 September 2025 03:33 PM
බහුපක්ෂ විපක්ෂ ගැන බහුබූත දොඩවනවා . පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් දිනාගන්න බැරිව ගිය එකා.
ගල්පර Saturday, 20 September 2025 03:36 PM
හලෝ මිස්ටර් ක්ලීන්. ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ප්‍රජාතන්ත්‍රවාදයක්ද? කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.ඔබ සහ ඔය වටේම ඉන්න බහුබූත පක්ෂ වංචනිකයන් රජයේ ප්‍රකෝටි ගනන් මුදල් කොල්ලකන විට, ඔබේ කට වසාගෙන ඔවුන්ට තවත් මුදල් වංචා කිරීමට ඉඩ දීම ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මහජනතාව ඔය ඔක්කෝම කුණු බක්කියට දැම්මේ එකයි.
Nihal Dharmatileke Saturday, 20 September 2025 03:55 PM
අවුරුදු ගණනාවක් මාරුවන් මාරුවට කරලා තියෙන්නේ . බහු පක්ෂ ක්‍රමයේ මුකුත් නෙමෙයි “බහු බූතේ”.
කපුරුහාමි Saturday, 20 September 2025 04:20 PM
තිබුනු මාරාන්තික ලෙඩ රෝග කන්දරාව හැටියට මෙහෙම ඉන්නව දකින එකත් ලෝක පුදුමයක් ? රීරී මාන්ස හූරගෙන කාපු දූෂිත දේසපාලුවන්ට දණ්ඩුවම් දීම ජනතාව බලපොරොත්තු වූ දෙයක්...
කුකුල් චමින්ද Saturday, 20 September 2025 04:21 PM
බහු භාර්යයා ක්‍රමය රකින්නත් එකතුවෙයල්ලකෝ...
ලයන් Saturday, 20 September 2025 04:27 PM
ලෙඩ දාහක් තියෙනව කියල මැරෙන්න වැටිල හිටිය මිනිහෙක්, දොස්තරල දැම්ම පන යයි කියලා දැඩිසත්කාර ඒකකයට, ලෙඩ තියෙනවා කියලා බොරු සහතික දීලා, දවස් 4 ක් ගියේ නැහැ ගෙදර... රටේම මිනිස්සු තෙරුම් ගත්තා, ලෙඩේ ගජ බින්නයක් කියලා. මෙයාව ජනතාව හොදට අදුරනවා, ඔක්තෝබර් මොනවගේ ලෙඩක් හැදෙයිද දන්නේ නෑ..
ගුණරත්නSaturday, 20 September 2025 06:14 PM
දැන්වත් විපක්ෂයේ පක්ෂ මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒකාධිපති ක්‍රමයක් ගේන්න කියලා තේරුම් ගත් එක හොඳයි. කොමියුනිස්ට් ක්‍රමයේ කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැහැ. ලෝකේ කොහේද කොමියුනිස්ට් පක්ෂයක් ආණ්ඩු කරන ප්‍රජාතනත්රවාදී ක්‍රමයක් තියෙන්නේ? කොහෙවත් නැහැ. මේ අනතුර තේරුම් අරගෙන ඊළඟ ඡන්දය (එහෙම එකක් තිබ්බොත්) මුන් පලවා හරින්න දැනගන්න ඕනෑ.
ප්‍රියා Saturday, 20 September 2025 04:44 PM
UNP 79.....ඡන්ද නැත්නම්, ඡන්ද සිතියම් අකුලනවා, බොරු වට. පක්ෂ තහනම් කරනවා නම් ,(83/ නක්ෂලයිට් )...බොරුවට ...... නහයෙන් අඩන්න එපා දැන්..... මාමා බෑනා පුතනෝ....ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
කව්ද බෝයි Saturday, 20 September 2025 05:08 PM
මෙයාව අල්ලගෙන ගිය එකට දැන් මෙයා කොහොමද කියන්නේ විපක්ෂයේ නායකයින් දඩයම් කරනවා, අල්ලන්න යනවා කියලා? මෙයා දැන් ආණ්ඩු පක්ෂයේවත්, විපක්ෂයේවත් නෙමෙයිනේ. සමහරවිට ගෙදර විපක්ෂනායක කම ගැනද දන්නේ නෑ මේ දොඩවන්නේ...
Asintha Saturday, 20 September 2025 05:18 PM
කළින් දාලා තිබ්බ ලෙඩවල හැටියට මම හිතුවේ පහුවදා මැරෙයි කියලා... තාමත් තණ්හාව...
කපුරුහාමි Saturday, 20 September 2025 06:13 PM
බොරු බේගල් ගහලා ජනතාව අන්දවපු කාලේ දැන් ඉවරයි. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු දූෂිත දේසපාලුවන්ට නඩු පිට නඩු වැටිලා පෝලිමේ හිරේට යන්ඩ වෙයි කියලා බය වෙලා ඉන්නේ.දූෂිත දේසපාලුවන්ගේ එකමුතුව කියලා නමක් තමා ගැළපෙන්නේ?
Amal Saturday, 20 September 2025 06:20 PM
මේ ඉන්නේ හොදට ...රටේ නැති ලෙඩ කියලා ඇප අරගෙන ...හිර වෙන වෙලාවට විතරක් බෞද්ධ දර්ශනය මතක් වෙනවා... අනිත් හැම වෙලාවේම වංචාව තමයි.. ඔයාට වැඩියෙන් කෙල වුනෙත් පොහොට්ටුවේ හොරු ටික ලං කරගත්තු නිසා තමයි.
රටවැසියා Saturday, 20 September 2025 06:39 PM
අලුත් දේශපාලන න්‍යාය - "බහු පක්ෂ දේශපාලනය" - තනි තනිව බලයට ඇවිල්ලා, කරන්න තියෙන හැම අපචාරයක්ම කරලා, බලය නැති දා, බහු පක්ෂ හදාගෙන ආරක්ෂා වෙමු!
චතුරි Saturday, 20 September 2025 07:18 PM
සේරම රැස් වෙන්නේ... රකින්න. රට රැක ගන්න නෙමේ. මොවුන් හැමදාම කෙරුවේ ඒකනේ... වැරැද්දක් දැක්කත් කට වහගෙන හිටියා. සේරම වැරැදි පෙනුනේ ජනතාවගේ... දැන් කොහොමද. වෙන්වෙලා හිටපු පක්ෂ වල සමාජිකයින් කරලා තියෙන හොර වැඩ. කුඩුත් හදන්න අත්තිවාරම දානකොටම අල්ලා ගත්තා. දැන් මොවුන් සේරම එකතු වුනාම මුලු රටම කුඩේ කුඩු. මොවුන්ට රැස්වීමක්වත් තියන්න ඉඩ දෙන්න එපා. මොවුන්ගේ වැරැදි වලට ජීවිත කාලයටම හිරේ ඉන්න ඕනෑ... ලොකුම පිනා එළියට ඇවිත්. ලාමකයින් ටින් නම් එන්නේ නැහැ කිව්වා. මෝඩ නාමල් බේබි. දත් ටිකත් එලියේ දාන් ඇති. එයාගේ ඔළුවේ තියෙන්නේ ඉළග. ජනාධිපති එයා කියන එක. පව් අප්පා. පොඩි ඔවුන්ගේ ආසාව...
Harsha Saturday, 20 September 2025 07:28 PM
බහු පක්ෂ ක්‍රමය නියමයි. මොන පක්ෂය දිනුවත් හොරු ආරක්ෂා කරනවා. මෙච්චර කල් කරේ ඒකනේ...
දලුවගෙදර Saturday, 20 September 2025 07:39 PM
දොස්තර රිපෝට් බැලුවාද?