(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමිය යුතු බවත් එහිදී අවම බස් ගාස්තුව රුපියල් 35 ක් කළයුතු බවත් බස් සංගම් අද (22) පැවසීය.
2025 වසරේ ජූලි මස වාර්ෂික බස් ගාස්තුව දුන් අවස්ථාවේදී අදාල සූත්රයට ඩීසල් මිල රුපියල් 289 ක් ලෙස යොදාගත් බවත් අද වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 382 ක් බවට පත්ව ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
එම මිල අනුව අද වන බස් රථයකට ඩීසල් ලීටරයකින් රුපියල් 93 ක පාඩුවක් ඇති බව කී ගැමුණු විජේරත්න මහතා මෙම තත්වය හේතුවෙන් බස් රථ හිමියන්ට බස් ධාවනය කිරීමෙ හැකියාව නොමැති බව ද සඳහන් කළේය.
කිසියම් බස් රථ හිමියෙක් බස් ධාවනය කරන්නේ නම් වතුර හෝ භූමිතෙල් යොදා ධාවනය කළ යුතු බවත් එම තත්වය හමුවේ බස් ගාස්තුව සියයට 15 කින් පමණ ඉහළ දැමිය යුතු බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.
අවම බස් ගාස්තුව ද අනිවාර්යෙන්ම රුපියල් 35 ක් වියයුතු බව කී විජේරත්න මහතා පැවසුවේ තවද ඉන්ධන කෝටාව තව දුරටත් ඉහළ දැමිය යුතු බවත්ය.
බස් රථයකට ඩීසල් ලීටර 100 ක් කෙසේවත් ප්රමාණවත් නොවන බවත් කිව්ආර් කේතය නිවැරදිව සකස් කර ඉන්ධන කෝටාව ඉහළ නොදැමුවහොත් බස් රථ අනිවාර්යෙන්ම ධාවනයෙන් ඉවත්කරගන්නා බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සදඟන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd