මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන අප්‍රේල් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ලබන අප්‍රේල් මාසයේ දී ඔවුන්ගේ වාර්ෂික සැසිවාර පැවැත්වීමට නියමිත අතර ඒ අතරවාරයේ දී මුදල් අමාත්‍යවරයා එම ආයතනවල නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මුදල් අමාත්‍යවරයා මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නිලධාරීන් සමඟ නිල නොවන මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔවුන්ගෙන් ලබාගත හැකි සහාය සම්බන්ධයෙන් කරුණු විමසා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් කියැවිණි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනක් සකසනු ඇති බවත් ඒ තුළින් රටේ විදේශ විනිමය ස්ථාවර කරමින් සීමාකාරී පියවර මඟින් ආර්ථික යථා තත්ත්වයට ගෙන ඒමටත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් නියම කරනු ඇතැයි ආණ්ඩුව බොහෝ දුරට ඊට එකඟතාව පළ කරනු ඇති බවත් වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි (055)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බැසිල් අප්‍රේල් අයි.එම්.එෆ් සහ ලෝක බැංකුව හමුවෙයි
mp Monday, 28 February 2022 04:08 AM
මිනිස්සු හිඟමනට පත් කරල, දෙන්න තියෙන වද තිස්දෙකම දීලා විනාශ කරපු එවුන් නැකතටද යන්න ඉන්නේ?
senevi Monday, 28 February 2022 04:52 AM
අපේ සල්ලි වලින් සැපට ගෙදර යන ගමන් නේ ඉතින්. ඕවට තමයි කියන්නේ " දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගෙන ආව " කියල.