(සුජිත් හේවාජුලිගේ)
ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත
යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල වූයේ රුපියල් 100කි.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදපු අයට, පොවපු අයට, බෙහෙත්වලින් වංචා කරපු අයට සහය පලකරලා අත උස්සපු අයට මොකද කරන්නේ...? මේ අය වර්තමානයේදී අකැමැතිම ප්‍රාර්ථනය නිවන්සැප ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු...
ඒ කියන්නේ, රෝගියෙක් බෙහෙත් ශාලාවකින් මල් ශාලාවට ගියාම, බෙහෙත් ආනයනය, බෙදාහැරීම, විකිණීමට සම්බන්ධ පුද්ගලයින්ට ලක්ෂයක දඩමුදලක් ගෙවා ගෙදර ගිය හැකිය. එතකොට, මියගිය හෝ සදාකාලික අබාධිත වුණු රෝගියාට සදා සොත්තිද? මේ රටේ රෝගීන් කී දෙනෙක් තමන් ගත්තු බෙහෙත් හේතුවෙන් එලොව ගිහින් දිව්‍ය සැප-සම්පත් විඳිනවා ඇත්ද? එතකොට එවැනි එලොව ගිහින් දිව්‍ය සැප-සම්පත් විඳින පවුල්වල අනෙකුත් සාමාජිකයින් මෙලොව සිටන් කාලා-බීලා පාර්ටි දාලා සන්තෝසෙන් ඉන්නවා ඇත්ද?
මෙතැන ප්‍රශ්නයක්. විකුණන්නේ සමාගම් සපයන ඖෂධ. ඒවායේ ගුණාත්මක බව ෆාමසිවලට පරීක්ෂා කරන්න පුළුවන්ද? රජයේ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන කවුන්ටරයේ ඉන්න කෙනා ඕවා දන්නේ කොහොමද? ඖෂධ සැපයුම්කරුටයි දඬුවම් දෙන්න ඕනෑ...
එහෙනම් කෙහෙළිය වැරැද්ද පිළිගනියි... ලක්ෂයක් ගෙවලා එළියට යයි....!
වැඩේ නරකත් නැහැ. මිලියන එක්දාස් ගණනක් හොර බෙහෙත් වංචාවට රුපියල් ලක්ෂයක් ගෙවලා ශේප් වෙන්න පුළුවන්. පුත්‍ර රත්නයේ පිහිටයි.