IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බාල බෙහෙත් දඩය ලක්ෂයක්

(සුජිත් හේවාජුලිගේ)

ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ සැපයීම හෝ විකිණීම යන වරදට මෙතෙක් අය කළ රුපියල් සියයේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ  දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත

යම් ඖෂධයක් නියමිත ගුණාත්මකභාවය අඩුවන පරිදි මිශ්‍ර කිරීම සහ  ඒ බව දැනුවත්ව එම ඖෂධය බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීම යන වරදවල් වලට මෙතෙක් පැවැති දඩ මුදල  වූයේ  රුපියල් 100කි.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.



අදහස් (5)

බාල බෙහෙත් දඩය ලක්ෂයක්

සෙනෙවිරත්න Sunday, 04 February 2024 03:51 PM

හදපු අයට, පොවපු අයට, බෙහෙත්වලින් වංචා කරපු අයට සහය පලකරලා අත උස්සපු අයට මොකද කරන්නේ...? මේ අය වර්තමානයේදී අකැමැතිම ප්‍රාර්ථනය නිවන්සැප ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු...

:       0       25

Amal Sunday, 04 February 2024 03:52 PM

ඒ කියන්නේ, රෝගියෙක් බෙහෙත් ශාලාවකින් මල් ශාලාවට ගියාම, බෙහෙත් ආනයනය, බෙදාහැරීම, විකිණීමට සම්බන්ධ පුද්ගලයින්ට ලක්ෂයක දඩමුදලක් ගෙවා ගෙදර ගිය හැකිය. එතකොට, මියගිය හෝ සදාකාලික අබාධිත වුණු රෝගියාට සදා සොත්තිද? මේ රටේ රෝගීන් කී දෙනෙක් තමන් ගත්තු බෙහෙත් හේතුවෙන් එලොව ගිහින් දිව්‍ය සැප-සම්පත් විඳිනවා ඇත්ද? එතකොට එවැනි එලොව ගිහින් දිව්‍ය සැප-සම්පත් විඳින පවුල්වල අනෙකුත් සාමාජිකයින් මෙලොව සිටන් කාලා-බීලා පාර්ටි දාලා සන්තෝසෙන් ඉන්නවා ඇත්ද?

:       1       26

චන්දන Sunday, 04 February 2024 05:22 PM

මෙතැන ප්‍රශ්නයක්. විකුණන්නේ සමාගම් සපයන ඖෂධ. ඒවායේ ගුණාත්මක බව ෆාමසිවලට පරීක්ෂා කරන්න පුළුවන්ද? රජයේ ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන කවුන්ටරයේ ඉන්න කෙනා ඕවා දන්නේ කොහොමද? ඖෂධ සැපයුම්කරුටයි දඬුවම් දෙන්න ඕනෑ...

:       0       22

fairoos Sunday, 04 February 2024 06:10 PM

එහෙනම් කෙහෙළිය වැරැද්ද පිළිගනියි... ලක්ෂයක් ගෙවලා එළියට යයි....!

:       1       20

ravin Sunday, 04 February 2024 06:40 PM

වැඩේ නරකත් නැහැ. මිලියන එක්දාස් ගණනක් හොර බෙහෙත් වංචාවට රුපියල් ලක්ෂයක් ගෙවලා ශේප් වෙන්න පුළුවන්. පුත්‍ර රත්නයේ පිහිටයි.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site