බි‍්‍රතාන්‍යයේ විකාශන අයිතිය ලබාගෙන ඇති රුසියන් ටුඩේ නාලිකාවේ බලපත‍්‍රය අවලංගු කිරීමට බි‍්‍රතාන්‍යයේ මාධ්‍ය පිළිබඳ නිසි බලධාරියා වන ඔෆ්කොම් වෙත උපදෙස් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද පවසා ඇත.

ඊට පිළිතුරු ප‍්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවේ ”බි‍්‍රතාන්‍ය රුසියානු මාධ්‍ය වෙත අත තැබුවහොත් එයට නිසි පිළිතුරු දීමට රුසියාව සුදානම්,එම පිළිතුර දැනගත් විට බි‍්‍රතාන්‍ය මාධ්‍යවේදීන් පුදුම වේවි”

එමෙන්ම ඇමෙරිකානු පාර්ශවය පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යංශය ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ”කිසිම සැකයක් තියාගන්න එපා අපිට පනවපු සම්බාධක සම්බන්ධයෙන් ශක්තිමත් ප‍්‍රතිචාරයක් දෙනවා ඒක ඇමෙරිකා පාර්ශවයේ සම්බාධකවලට සමාන නොවේවි, එය ඇමෙරිකානු පාර්ශවයට වේදනාකාරී ප‍්‍රතිචාරයක් වේවි”

(034)