
කිසිවෙකුගේ බලපෑමට ඉල්ලා අස්නොවන බව දිගින් දිගටම පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් වහා ඉවත් වුවත් සරත් සෘතුව තෙක් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීමට බලාපොරොත්තු වන බව බොරිස් ජොන්සන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නීතිපතිවරයාගෙන්ද බලපෑම් එල්ල වී තිබුණි.
ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම ජොන්සන්ට එල්ල වී තිබූ චෝදනා ලෙස දැක්විය හැකිය.
ඒ හේතුවෙන් ඔහුට ධුරයෙන් ඉවත් වන්නැයි බලපෑම් එල්ල විය.
(බී බී සී - 034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං කවුරුත් කියන්න එපා එංගලන්තයේ එයත් අස්වෙලා කියල මේක ලංකාව හොඳේ.
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..!!
පච වෙන්නේ නැතුව යන එක හොඳයි... ඒකට අපේ සර් රට බංකොළොත් වෙලත් තවත් අවුරුදු 2ක් ඉඳලමලු යන්නේ...!
අපරාදේ. අපේ රනිල් වගේ පඹයෝ සෙට් එක කැබිනට් එකේ තියාගන හිටියා නම්, බේරන්න තිබුනා. අන්න එකට අපේ රනිල් අගමැති.
ජොන්සන්ට තේරෙන දේ නන්දසේනට තේරෙන්නේ නැති එකනෙ වැඩේ...
ඕව මොනවද සමහර රටවල කෙලින්ම මිනීමරුවො නිදහස් කරල රටේ ඉහලම ස්භාපතිකම් දීලතියෙන්නෙ
ඒකට මොකද අපේ ජොන්සන්....
අපේ රටේ වාගෙමයි
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ඔය වගේ සුළු වැරැදිවලට ඇයි එංගලන්තේ අගමැතිතුමාට අයින් වෙන්න කියන්නේ? ඒකට මෙහේ, බදු, වංචා කරලා විතරක් නෙවෙයි... කොටස් වෙළදපලේ අතයට ගනුදෙනු කර පොහොසත් වුණු සත් ගුණවත් ඇමතිලාත් ඉන්නවා පාර්ලිමේන්තුවේ...
මීලග අගමැති දුරයට කැප්පෙටිපොල කෙනෙක් ඉදිරිපත් වීමට නියමිතලු
ඔන්න ඒකට අපේ නායකයො සමස්ත ජනතාවම එක හඩින් කිඋවත් දාල යන්නෙ නෑ
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. රනිල්, නන්දේ ගෙදර යන්නේ නෑ. අපේ කරුමේ ඉවර වෙන්නේ නෑ..
කෝ තාම අපේ අනාගත්ත රජ අස්වුනේ නෑ නේද?