(ප්‍රදීප් කුමාර)
යාපනය ප්‍රදේශයේදී බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව තෙල්ලිපලේ පොලිසිය සදහන් කරයි.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය තෙල්ලිප්පලේ විත්තකාපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 82ක් පමණ වන චෙල්වනායගම් බාලසරස්වති නැමැති කාන්තාවකි.
නිවස පිටුපස වූ බඹර කුඩුවක් ඇවිස්සි අදාළ කාන්තාවට මෙම බබර ප්‍රහාරය එල්ලවී තිබේ.
එහිදී අදාළ කාන්තාව ප්‍රතිකාර සදහා තෙල්ලිප්පලේ මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය නවසිවායම් ප්‍රම්කුමාර් මහතා විසින් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් තෙල්ලිප්පලේ පොලිසිය වැඩි දූර විමර්ෂණ සිදුකරනු ලබයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බඹර ප්‍රහාරයෙන් කතක් මරුට