(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ රඳවා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට/බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතු වලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා විධිවිධාන හඳුන්වා දීම පිණිස එවකට අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතිය මත පනත් කෙටුම්පතක් සකස් කිරීමේ ක්‍රියාවලිය නීති කෙටුම්පත් සම්පාදක විසින් ආරම්භ කර ඇත.

 ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා 2025-06-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එම පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු විධි විධාන හඳුනාගනු ලැබ ඇති අතර, එකී විධිවිධාන ඇතුළත් කරමින් අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.