
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගමුව බන්ධනාගාරයේ දී ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන්ගේ අමානුෂික පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු මියගිය බව මරදාන පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව සිටි ලුණුගම්වෙහෙර නව නගරය පදිංචිව සිටි පසිඳු මධුසර (25) හා අම්බලන්තොට පලුගහගොඩැල්ල පදිංචිව සිටි පි ඩි එස් ලෂාන් ගුණවර්ධන (39) මහත්වරුන්ය.
මියගිය පසිඳු මදුසර පෙරේදා (13)රාත්‍රී 9.30 ට මිය ගොස් ඇති අතර ලෂාන්ගුණවර්ධන අද (14) අලුයම 01.40 ට මියගොස් ඇත.
බන්ධනාගාර රැඳවියන්ගේ පහර කෑමට ලක්ව ජේලර්වරයෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් දස දෙනකු මේ වන විට මරුමුවට පත්වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුතු සියලු දෙනාට මරණයෙන් දඩුවම් දෙන්න. හුරතල් කරන්ඩ එපා