(ජේ.ඉඳුරුවගේ )
මීරිගම අම්බනවත්ත ළමා නිවාසයේ සිටි පිරිමි ළමුන් දෙදෙනෙකු පාසල් යාමෙන් පසු අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
ප්රදේශයේ මහා විදුහලක ඉගෙනුම ලබන එම ළමුන් දෙදෙනා පාසල් නිල ඇඳුමින් සැරසී ඉකුත් 27 දා පාසල් යන බව පවසා පිටව ගොස් නැවත නොපැමිනි බවට මෙම අතුරුදන්වීම ගැන ළමා නිවාසයේ පාලිකාව පොලිසියට පැමිනිලි කර ඇති අතර අද (2 ) මේ වන තුරුත් ඔවුන් ගැන තොරතුරක් පොලිසියට ලැබී නැතැයි මීරිගම පොලිසිය පැවසීය .
වයස අවුරුදු 15 ක්වූ සම වයසේ පසුවන අලුත්ගේ ඉඳුවර කාවින්ද සහ මලීශ දිනෙත් දිල්සර නැමති ළමුන් දෙදෙනා මෙසේ අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd