
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත)
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , මාර්ග සංවර්ධන අධ්කාරිය ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ,පොලිසිය ඒකාබද්ධව අද (16) නිලධාරීන් පිරිසක් නාය යාමට ලක්ව ඉකුත් 9 වන දින සිට වසා දමා තිබූ උඩුවර 7කණුව ප්‍රදේශයට ගොස් එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරිමෙන් අනතුරුව රථ වාහන ධාවනය සදහා එම ස්ථානයේ මාර්ගය සුදුසු බවට පෙනීගිය හෙයින් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ මාර්ගය මෙසේ යලි සතියකට පසුව විවෘත කරනු ලැබූ බවද හෙතෙම කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුඩ් ජොබ් !