(ශාන්ත රත්නායක)

සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ එක් කොට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන විශ්ව විද්‍යාලය, අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමට විරෝධය දක්වමින්   උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි.

එහිදී ඔවුන් කියා සිටියේ ගුරු අධ්‍යාපනඥයන්ට ගුරු අධ්‍යාපනයේ පූර්ණ වගකීම භාර දෙන ලෙසත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ගුරු අධ්‍යාපනඥයන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විද්‍යාපීඨ ශිෂ්‍ය ලාභීන්ට ලොව පිළිගත් උපාධියක් ලැබීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.

මෙම උද්ඝෝෂණය සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය සංවිධානය කළේය.