
(කේ බුද්ධික කුමාරසිරි)
සංවිධානාත්ම අපරාධ හා ප්‍රභල මත්දුව්‍ය ජාවාරම්කරුවකු වන මනෝජ් සුරංග ලියනනේ නොහොත් බටුවත්තේ චාමර යන විසින් ඔහුගේ බිරිඳට මිලදී ගෙන ඇති සාන්ත ආනා පාර වැලිගම්පිටිය ජාඇල පිහිටි තෙමහල් නිවසක් අද (13) දින සිට ක්‍රියා විරහිත කිරීමට කටයුතු කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පවසයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ක්‍රියාවිරහිත කරන ලද අදාල නිවස රුපියල් ලක්ෂ 400 ක් පමණ වටිනා බවද එම කොට්ඨාශය පවසයි.
මෙම නිවසට පසුගිය කාලයේදී කිහිපවරක්ම වෙඩි ප්‍රහාර එල්ල වූ අතර පසුගිය කාලයේදී එම නිවස වැඩිහිටි නිවාසයක් සදහා කුලියට ලබා දී තිබී ඇතැයි ද අවසන් වරට වෙඩි තැබීමෙන් පසු එම වැඩිහිටි නිවාසය ඉවත් කරගෙන තිබූ බවද එම කොට්ඨාශයේ උසස් නිළධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd