
(අංජුල මහික වීරරත්න සමග සුජිත් හේවාජුලිගේ)
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා.
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක් අඩුම රුපියල් 200කට මිලදී ගන්න පාරිභෝගිකයන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෑස්ති වන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කලොත් ලබන කන්නේ ඉඳල ළූණු කිලෝව 300 ට වැඩි වෙනවා.
මේ මාලිමා ගැන ලැජ්ජයි, ඔවුන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් බී-ලූනු ආනයනය කිරීමෙන් බී-ලූනු ගොවීන්ව අසරණ කළා. ශ්‍රී ලංකාවේ ගොවීන් පසුපස හඹා යාමට මාලිමාට අවංක හා කාර්යක්ෂම විය නොහැක.
දැන් හරිනේ අමාරුව . හොද වැඩේ.
ඕක කලින් දැක්කේ නැතිද? Proactive නැතිද ඔයාලා මාලිමාවෝ...
අපි බොහෝදෙනෙක් සෙනසුරාගෙ අපලය ගැන අහල තියෙනවා ඉතින් සෙනසුරා ඉදිරි වැඩසටහන හදන්න දිනපොත බලද්දී දැක්කලු දවසකින් ගන දෙයියන්ට අපල ආරම්භ කරන්න පටන්ගන්න ඕන කියල (පොඩ්ඩක් අතපසුවීමක් ඒ කාලයේ දැන්වගේ අවුරුදු ගණනකට පෙර විශ්‍රාම ලබා මියගිය නිළධාරින් තනතුරුවල ඉන්නවා කියල පෙන්නූ ඉසි...දිනපොත් තිබුනෙම නැහැ තිබුන නම් සෙනසුරුත් ඉවරයි) ඉතින් උදේ පාන්දරම පේවෙලා ඉදල ගනදෙවි හමුවෙන්න අසපුවට ගියාලු.ගන දෙයියත් කපටියනේ උන්නැහේ කලින් දවසෙ සිට පාටියක් කරන්න අරගෙන තිබුනා සෙනසුරා ආවම කිව්වලු කතාකරන්න වත් වෙලාවක් නැහැ හෙට එන්න කියල (ඊළග දවසෙ නැත්නම් කන්නයේ) සෙනසුරත් හා හොදයි කියල යනකොට අත්පුඩි ගහල ආපහු කැදවලා වැඩ වැඩිනිසා මට අමතක වේවි මගේ බඩේ හෙට එනවා කියල ලියා යන්න කිව්වලු සෙනසුරත් එහම කරල ගියාලු ඉතිරිටික හිතාගන්නකෝ....
එතකොට මේ කන්නේ, ඒවා අපිට එන, කන්නේ එනකම් තියාගෙන කන්නද කියන්නේ ?
උබලා හැම මගුලකටම ස්තීර මිලක් දීලා පාරිභෝගික අපිටම කෙලවලපල්ලා, අපිත් උබලව ස්ථීරවම ගෙදර යවනවා ඊළග ඡන්දයෙන්, ඒක අනිවාර්යයෙන්ම කරනවා.
මේ කන්නය කාබාසිනියා වුන හැටියට ගොඩක් බී ලූනුගොවියොන්ට ලබන කන්නයේ වගාව කරන්න බෑ. එතකොට නිශ්පාදනය අඩුවෙලා මිල කොහොමත් වැඩිවෙනවා.. ආයේ ඕක ඇමැටි කියන්න ඕනේ නෑ... කොහොමත් රජය වෙන්කල මුදලින් මිලදී ගන්න පුලුවන් වෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක් ..
බී ළූණු, අර්තාපල් හා වී ගත්තට කොමිස් එන්නේ නැහැනේ ! ඒකට ඩබල් කැබ් එහෙමද ?
එතකොට පාරිබෝගිකය කීයටද ලුණු ගන්න ඕනේ? පාරිබෝගිකය ගැන බලන්නේ කවුද? රජයේ සේවකයන්ටනම් පඩි වැඩි කරනේ, පෞද්ගලික අංශයේ සහ කුලීවැඩ කරන වගේ මිනිස්සු ලුණු කන්න ඕනේ නැද්ද? යකාගේ තීරණ ගන්නේ නේද?
දේශීය කියල අමුවෙන් ගලවපු කුනුවෙච්ච ලූනු 200/= නොවේ කීයටවත් ගන්න කවුද කැමති. ගොවියෝ ඒවත් හිතන්න ඕන නේද? ලංකා අර්තාපල් සිල්ලර මිල 340-400/= අතර. ඔය කියන විදියට තව මිල ඉහල දැම්මොත් අලෙවිය බැහැල අපතේ යනව. කලයුතු අතරමැදියා ගසාකෑම පාලනය...
අරවින්ද මොණරවිලට මේ මොකක්ද වෙලා තියෙන්නේ ??
8 පාස් නැති අය රට පාලනය කරන කොට ඔහොම තමයි බොලව්...