IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පෝසත් ලංකාවක් හදන්න කාගේත් සහය ගන්නවා

(අංජුල මහික වීරරත්න)

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පැවසුවාය.

නවදිල්ලි නුවර පැවති 2025 NDTV ලෝක සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය. 

“අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් මෙහෙයවීම” යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන දෙසුම කළාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සහ ලෝක බැංකුව පිළිගෙන තිබෙන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කීවාය.

ශ්‍රී ලංකාව මෑතකදී  මුහුණ දුන් අර්බුද වලින් යථා තත්ත්වයට පත්වීමට   අභියෝගාත්මක ගමනක්  එන්න සිද්ධ වුණා. එහිදී  විනිවිද භාවයෙන් යුතු,  වගවීමක් සහ පුළුල් පාලනයක් සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ඉල්ලීම් අනුව වත්මන් ආණ්ඩුව පාලනය භාර ගැනීම ශ්‍රී ලංකාවේ  හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළා. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ නව රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම,  මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරමින් යනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (0)

පෝසත් ලංකාවක් හදන්න කාගේත් සහය ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 996 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site