IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


පොළොන්නරුව - මඩකළපුව දුම්රිය මාර්ගයටත් දැඩි හානි

(නිමල් ජයරත්න ) 

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන්,එහි ජල කඳ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමත් සමඟ පොළොන්නරුව මඩකලපුව දුම්රිය ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල අතර දුම්රිය මාර්ගය කැඩී දැඩි ලෙස හානියට පත්ව ඇති බව පොළොන්නරුව දුම්රිය බලධාරීහු සඳහන් කරති.
 
මනම්පිටිය ගල්ලෑල්ල අතර දුම්රිය මාර්ගයේ ශිල්පර කොටන් සහ යකඩ රේල්පීලි ගංවතුරට ගැලවී ගොස් ඇති අතර  මනම්පිටිය දුම්රිය ස්ථානයටද දැඩි ලෙස හානි සිදුව ඇත.
 
පොළොන්නරුව මනම්පිටිය අතර විනාශයට පත් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බවත්,   මාර්ගය අලුත්වැඩියා කටයුතු කිරීමට අවශ්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ප්‍රදේශයෙන් පිට පළාත්වල තිබෙන නිසා ඒවා ගෙන්වා ගැනීමටද අපහසුතා පවතින බව පොළොන්නරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
 
 පොළොන්නරුව මනම්පිටිය දුම්රිය මාර්ගයේ පසුගිය දින කීපයේ පැවැති ගංවතුර තත්ත්වය නිසා දින හතරක පමණ කාලයක් යටව පැවිති අතර එම කාලය තුළ ප්‍රදේශයේ ගවයන්, මුවන් ඇතුළු වන සතුන් ගසාගෙන විත් දුම්රිය සිල්පර කොට අතර සිරවී      මියගොස් ඇති බවට පොළොන්නරුව වනජීවී නිලධාරීන් සඳහන් කළහ.



අදහස් (0)

පොළොන්නරුව - මඩකළපුව දුම්රිය මාර්ගයටත් දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 233 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 284 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site