(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණීක විහිදුම් බළකා ඒකකයේ අත් අඩංගුවට පත් වූ අයිස් ජාවාරම්කරුවකු එම ඒකකය බාරයේ සිටියදි අයිස් මත්ද්‍රව්‍ය ඉල්ලුම් කරුවන් 76 දෙනකුගෙන් ඇමතුම් ලැබුණු බව පොලිසිය  කියයි.

මෙම අයිස් ජාවාරම්කරු කන්දකුලිය රෙඩ්බානාවල පදිංචිකරුවකු බවත් කල්පිටිය ඇතුළු ප්‍රදේශ රැසකට යතුරු පැදියේ ගමන් කරමින් අයිස් අලේවි කිරීමේ ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියයි.

අදාල ජාවාරම්කරු සම්බන්ධයෙන් ලැබුන තොරතුරු මත මේ වනවිට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති පොලිස් ක්ෂණීක විහිදුම් බලකා ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඒ වන විට මෙම ජාවාරම් කරු සන්තකයේ තිබි රුපියල් ලක්ෂයකට අධික අයිස් තොගයක් පොලිස් බාරයට ගෙන ඇත.