IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


පොලිස් නිලධාරියා යට කරන්න හැදූ මත් ජාවාරමා වසර 15 හිරගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට හානි කරන අපරාධකරුවන්ට උසාවියෙන් කිසිඳු සමාවක් නැතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකු කාරයට යටකර මරා දැමීමට තැත් කළ මත් ජාවාරම්කරුවකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින්  පැවසුවාය.

වසර 17කට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් සැරයන් වීරසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය තොගයක්ද සමඟ විත්තිකරු පැමිණී කාර් රථය නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේදී ඔහු යටකර බරපතල තුවාල කිරීම සඟ මරා දැමීමට තැත් කිරීම යන චෝදනාවන්ට වරදකරු කළ විත්තිකරුවකුට එලෙෂ දඬුවම් නියම කළ විනිසුරුවරිය රුපියල් 10 000/-ක දඩයකටද විත්තිකරු යටත් කළාය.

අප රටට මහත් පිළිලයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට දිවි නොතකා කටයුතු කරන නිලධාරීන්ට මේ ආකාරයෙන් හානි කරන පුද්ගලයින් නීතීයේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් නිසා ඔවුන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කළණ කොතලාවල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය අදාළ දඬුවම් නියම කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතියි තීන්දු කරමින් චෝදනාවන්ට වරදකරු කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිවල ප්‍රදේශයේ පදිංචි සුනිමල් කුමාර නමැත්තාටය.

 



අදහස් (0)

පොලිස් නිලධාරියා යට කරන්න හැදූ මත් ජාවාරමා වසර 15 හිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site