IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


පොලිස් ගාඩ් පි‍ට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම අල්ලා ගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති.

වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස අක්කර භාගයක පමණ පෞද්ගලික ඉඩමක් අල්ලාගෙන කොන්ක්‍රීට් කණු සවිකර තිබෙන බව ද ඔවුහු පවසති.

එමෙන්ම නිවාඩු දිනවලදී බැකෝ යන්ත්‍ර යොදාගෙන එසේ අල්ලාගත් ඉඩමේ හෝටලයක් ඉදිකරනවාට අමතරව පස් හාරා නියරවල් දමා ගොවිතැන් කිරීම සඳහා බිම් සකසන බව ද ජනතාව චෝදනා කරති.

මේ වනවිට වසම භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරිය හරහා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කර ඉදි කිරීම් තාවකාලිකව නවතන ලෙස ලිඛිතව එම ඉඩමේ හිමිකාරිනියට ලිඛිතව දන්වා තිබෙන බවත් ඊට අමතරව ඉඩමට ඇතුළුවන ස්ථානයේ දැන්වීමක් අලවා ඇති බවත් ගොවීහු පෙන්වා දෙති.

මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලය ද බැකෝ යන්ත්‍ර යොදවා ගෙන මීට පෙර සූක්ෂම ලෙස අල්ලා ගත් වැව් තාවල්ල හාරා පස් ගොඩවල් ගසන බවට ද ඔවුහු චෝදනා කරති.

විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිරන්තරයෙන් මෙම ඉඩමේ රැඳී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල මෙම කම්බි කණු පොලිසියට අයත් ජීප් රථවලින් රැගෙන ඒම සිදුකළ බව ඔවුහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහ.

ඔහු මෙම ඉඩමට පැමිණෙන අවස්ථාවල රථ වාහන පොලිසියේ නිලධාරීන් යතුරු පැදිවලින් ඉඩමට පැමිණෙන බවට ද චෝදනා කරති.

ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විජේ ගුණවර්ධන මහතා‍‍ගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ගේ ඥාතී කාන්තාවක මෙම ඉඩම මිලදී ගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි.

තමන් කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන් යොදවා හෝ නීති විරෝධී කිසිදු ක්‍රියාවක් නොකළ බවත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද මීට පෙර නිලධාරීන් සහ පොලීසිය මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුරට දික් ගැස්සෙන්නේ නැති බවත් සඳහන් කළේය.

මෙම ඉඩමේ හිමිකාරිය බව කියන භද්‍රා කුමාරි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ ඇය සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් මිලදීගෙන සංවර්ධන කටයුතු සිදු කරන බවය.

ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති පරිදි ඇය ඉඩම් ඇල්ලීමක් හෝ වැට ගැසීමක් හෝ සිදු කර නැති බව ද තමන්ට හිමි ඉඩමේ වගා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දැමීම සිදු කළේ යැයි ද ඇය සඳහන් කළාය.

 



අදහස් (2)

පොලිස් ගාඩ් පි‍ට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන

Perera Tuesday, 30 April 2024 02:11 PM

ලංකාවේ නීතිය අවනීතිය වෙලා .... අවනීතිය දැන් නීතිය වෙලා

:       0       9

රාලහාමි Tuesday, 30 April 2024 04:33 PM

ඔය පොලිස් පාට් මේ අවුරුද්ද අවසන් වෙනකොට ඉවරයි නෝනේ..., ඊට පස්සේ ඔයගොල්ලෝ බලුවෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 84 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ඩිනාරා ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලයිස්තුවට
2024 මැයි මස 17 4 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 416 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


හොර වෙද්දු ගැන කියන්න අංකයක්
2024 මැයි මස 17 85 1

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ


ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ
2024 මැයි මස 17 255 0

ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගි


ක්‍රිකට් තවත් කළමනාකරුවෙකුට අධි චෝදනා
2024 මැයි මස 17 178 0

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 766 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2306 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1974 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site