(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්ති සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් 2,460,000 ක් වන අතර, එයින් වාර්ෂික කිරි සම්බා පරිභෝජනය 10%ක්, එනම් මෙට්‍රික්ටොන් 246,000 ක් පමණ වේ.
මේ වන විට දේශීය වෙළෙඳ පොළේ කීරි සම්බා සහල් හිඟයක් පැවතීම සහ පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීම පිළිබඳව අවධානය යොමු කර, එක් ආනයන කරුවකුට මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව, 2025-10-15 දින සිට 2025-11-15 දින දක්වා කීරි සම්බා සහල් වලට ආදේශකයක් ලෙස සලකනු ලබන GR 11/ පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය
වසාවාසි - තැම්බුත්තේvillage Tuesday, 14 October 2025 03:47 PM
හම්මෝ තව ක්‍රිප්ටෝ කරන්සි ටිකක්.
සඳමාලි Tuesday, 14 October 2025 04:00 PM
පිටරටින් හාල් ගේන්නනං ආණ්ඩුවක් මොකටද කියලත් ඇහුවා! වෙනිං කවුරුත් නෙවෙයි ඒ.කේ.ඩී තුමා.
222222222v Tuesday, 14 October 2025 04:29 PM
මහ මෝල්ලු නිලධාරින්ට එකතුවෙලා කරන මගඩි නවත්වන්න තව ටික කාලයයි. වෙන්වෙන්න අකමැති බත් බැලයො තව ඉන්නවා. උදාහරණ ඔය ඉහල ඉන්නේ.